සුනාමි ගී එළිදකී

ජනවාරි 9, 2020

 

ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ සුනාමි සිනමාපටයේ ගීත එළිදැක්වීම ඉකුත් දා රාජගිරිය ජනජය සිටි සාප්පු සංකීර්ණයේ පිහිටි සැවෝයි සිනමා ශාලාවේදී සිදු විය. එම ගීත අන්තර්ගත තැටිවල මුල් පිටපත් ජ්‍යේෂ්ඨ සිනමාවේදී තිස්ස ලියනසූරිය සහ ජ්‍යේෂ්ඨ ගායනවේදිනී සුජාතා අත්තනායකට පිළිගන්වන ලදී. එම අවස්ථාවෙන් පසු සුනාමි චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් ද පැවැත්විණ. සුනාමි සිනමාපටය මෙම මස 16 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලය් සිනමා ශාලාවන්හි තිරගතවීමට නියමිතය. මෙය රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයකි.

 

 

Add new comment