ආසියාවේ හොඳම චිත්‍රපට සියය

අතර ගාඩි
ජනවාරි 9, 2020

 

පසුගිය වසරේ (2019) ජාත්‍යන්තර සිනමා උලෙළ නියෝජනය කළ සිනමාපට අතරින් ප්‍රේක්ෂකයන් නැරැඹිය යුතුම ආසියානු සිනමාපට සියය අතරට ප්‍රසන්න විතානගේ ගේ ගාඩි ඇතුළත්ව තිබේ. ලොව ජනප්‍රියතම සිනමා වෙබ් අඩවියක් වන Asian Film Festivals  හි එම සිනමාපට සියය පිළිබඳ දත්තයන් අන්තර්ගතව ඇත. ජාත්‍යන්තර සිනමා උලෙළ කිහිපයක් නියෝජනය කළ ගාඩි සිනමාපටයමඑකී උලෙළවලදී නොමඳ විචාරක අවධානයට පාත්‍ර විය. එම සිනමාපටය විදෙස් රටවල මංගල දර්ශන පවත්වා තිබේ.

ගාඩි මෙම වසරේදී මෙරට තිරගතවීමට නියමිතය. තායිවානය, කොරියාව, ජපානය, පිලිපීනය ආදී රවල් ගණනාවක විශිෂ්ටතම සිනමාකරුවන්ගේ සිනමාපට සියයක් මග නොහැර නැරැඹිය යුතුම සිනමාපටයන් ලැයිස්තුවට ඇතුළත්ය. ඒ අතර ලින් හා ඕ පු ගේ 3 ඩේස් නයිට් (තායිවානය) ෂීම් හයිජුන් ගේ අ බෙඩ්සෝරි (කොරියාව) ෆු කන්ඩා කෝජිගේ අ ගර්ල් මිසිං (ජපානය) ග්‍රෙස් සිම්බුලන්ගේ අ ස් ෆෝර් ඔගස්ටින් (පිලිපීනය) ඇතුළු චිත්‍රපට රාශියක් වේ.

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.