බෙනඩික්ට් මන්ත්‍රීගේ පැහැසර සතුන් 19 දා

ජනවාරි 16, 2020

සිනමා අධ්‍යක්ෂවරයකු මෙන්ම පරිසරවේදියකු ද වන බෙනඩික් මන්ත්‍රීගේ විසින් රචනා කරන ලද පැහැසර සතුන් ග්‍රන්ථය මෙම මස 19 වැනිදා එනම් එන සෙනසුරාදා උදෑසන වත්තල හැඳල නායක්කන්ද සුසිත වඩන සමිති ශාලාවේදී එළිදැක්වේ. පිටු 48 කින් සමන්විත මෙය වනජීවි දෙපාර්තමේන්තුව මඟින් අධීක්ෂණය කොට සම්පාදනය වූවකි. ඉකුත් වසරෙ තිරගතවූ එක රෑනක කුරුල්ලෝ බෙනඩික් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ චිත්‍රපටය වේ.


සිනමා හා රූපවාහිනි කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ  නව සාමාජිකයෝ පත්වෙති

සිනමා හා රූපවාහිනි ක්ෂේත්‍රයේ කලා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයේ නිළවරණය පසුගියදා පැවැත්විණි. මේ එහි නිළධාරි මණ්ඩලයයි.

අනුශාසකවරු ධර්මසේන හේමපාල,
 එරල් කෙලි සහ වෙලේගෙදර රණසිංහ.
 සභාපති - උපුල් චමිල
 ලේකම් - අජන්ත අලහකෝන්
 සම සභාපති -
 බිමල් දුෂ්මන්ත, සුජීව පරණහේවා.
 සම ලේකම් - ශර්මිලා ප්‍රනාන්දු, චමින්ද විජේසිංහ
 භාණ්ඩාගාරික - සංජීව කරුණාරත්න
 අප භාණ්ඩාගාරික - පියතිස්ස අකුරම්බොඩ
 සම සංවිධායක -
 රාහාන් සමරදිවාකර, සුරංග ගුළතිලක
 ප්‍රචාරක ලේකම් - උදේනි සුබෝධි කුමාර
 කාරක සභිකවරු - දිනේෂ් ජයශාන්ත, සුනිල්
 ප්‍රේමරත්න, ජනක බ්ඩාර, දිමිතු ප්‍රිය ජනක.
 ජාතික සංවිධායක - නුවන් සනුරංක
 ජාතික වෘත්තිය ප්‍රවර්ධන ලේකම් -
 ලාල් හවීන්ද්‍රනාත්
 අන්තර්ජාතික වෘත්තීය ප්‍රවරධන ලේකම් -
 අතුල සුල්තානාගොඩ


ලීල් ආනන්ද ගජනායකගෙන් රඟපෑමට වරම්

රාජ්‍ය නාට්‍ය උලෙළ නියෝජනය කිරිම සඳහා අලුතින් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත නාට්‍ය යුගලක රඟපෑම සඳහා දිවයිනේ ආධුනිකයින්ට අවස්ථාවක් ලබාදීමට රාජ්‍ය සම්මාන දිනූ කලා භූෂණ ලීල් ආනන්ද ගජනායක අදහස් කරයි.
 රංගනය, ගායනය සහ නර්ථනයට දක්ෂතා ඇති හෝ නැති දිවයිනේ ඕනෑම තරාතිරමකම ආධුනිකයින්ට මේ සඳහා අයදුම් කළ හැකිය. තෝරා ගැනීමෙන් අනතුරුව දින දෙකක නාට්‍ය රංගනය පිළිබඳව ප්‍රයෝගික වැඩමුළුවක් නොමිලේ පවත්වනු ඇත. මේ සඳහා පහත සඳහන් ලිපිනයට ඔබගේ අයදුම්පතක් එවීමෙන් හෝ දුරකථන අංකයන්ට කතා කොට ඔබගේ පැමිණීම සනාත කළ හැක. සුපුන් සඳරුවන් (ලේකම්), සරසවි නිර්මාණ රංග පීඨය, 174/7, මඩපාත, පිළියන්දල. ඇමතුම් 0712998100-0112706705-0779830615.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.