එක ගෙයි සොකරි සින්දු මංගල්ලේදී සින්දු පොතක්

ජනවාරි 16, 2020
 මහාචාර්යතුමන්ට සින්දු පොත පිළිගැන්වූ මොහොත

 

ජැක්සන් ඇන්තනිගේ නවතම සිනමා නිර්මාණය එකගෙයි සොකරි සඳහා අන්තර්ගත ගිත එළිදැක්වීමේ විශේෂ අවස්ථාවක් ඉකුත්දා වැල්ලවත්ත සැවොයි ප්‍රිමියර් සිනමාශාලාවේදී පැවැත්විය. එකගෙයි සොකරි සින්දු මංගල්ලය ලෙසට නම තබා තිබුණු මෙම කාර්යය අතරතුරදී එම ගීතයන් අන්තර්ජාලයට එක්කරනු ලැබීය. සිනමාපටයේ සියලුම ගායනයන් එදින සජීවිව රසවිඳීමට හැකියාව ලැබිණ. එකගෙයි සොකරි සින්දු මංගල්ලයේදි චිත්‍රපටයේ ගීත ඇතුළත් ‘සින්දු පොතක්’ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට ජැක්සන් විසින් පිරිනමනු ලැබිය.

 

 

එකගෙයි සොකරි ගායකයෝ

එකගෙයි කෑම විවාහ ක්‍රමය තේමාකොටගෙන 1930 දශකයේ අගභාගයේ මෙරට ඈත පිටිසර ගමක සිදුවු සිදුවීම් දාමයක් ඔස්සේ දිගහැරෙන එකගෙයි සොකරි සිනමාපටය ළඟදීම තිරගතවීමට නියමිතය. නව පරපුරේ සංගීත අධ්‍යක්ෂවරයකු වන චින්තක ජයකොඩි විසින් සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදුකොට තිබේ. ගීපද පැරැණි සොකරි පොතකින් උපුටාගෙන ඇති අතර එක් ගීතයක් බන්දුල නානායක්කාරවසම් විසින් රචනා කොට තිබේ. ගීත ගායනා මාධවී වත්සලා, සජිත අනුත්තර, ඩිලාන් කරුණාරත්න, දිනුපා කෝදාගොඩ, හර්ෂණ දිසානායක, චමිල මධුශාන්, නදීමාල් පෙරේරා, එවන්ද විතානගේ සහ දිල්මින් පෙරේරාගෙනි. එකගෙයි සොකරි සිංදු මංගල්ලයෙන් අනතුරව එම ගී පොතද ආරාධිතයින්ට පිරිනමනු ලැබීය.

 

 

මෙන්න එකගෙයි සොකරි අන්තර්ජාලයේ ජැක්සන්, සජිත පුතුට කියයි, හරේන්ද්‍ර පසෙකින්

 

 

චින්තක ජයකොඩි

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.