මනෝ තෝරාගත් පුදුම හත

ජනවාරි 16, 2020

 

 

පුදුම හත විශේෂාංගය කලා ලොවේ කලාකරුවන් තමන් වඩාත් කැමැති දේ පවසන්න වෙන් වූ පිටුවයි. පුදුම හත සඳහා ආචාර්ය ජයලත් මනෝරත්න සිය කලා ජීවිතයේ දී අත්දුටු සුන්දර මතකයන් හතක් සිහිපත් කළා.

 

 

ඩස්ටින් හොෆ්මන් 

Dustin Hoffman

 

 

ඩස්ටින් හොෆ්මන් බටහිර සිනමාවේ වීරයෙක් බවට පත් වූ චරිතයක්. 1937 වසරේදී උපත ලද ඔහු සිනමාවට පිවිසෙන්නේ හැටේ දශකයේදී. මමත් ඔහුගේ සිනමා නිර්මාණ රසවිඳි රසිකයෙක්. ඩස්ටින් බොහෝවිට අනුගමනය කළේ ස්ටැනිස්ලවුස්කි ක්‍රවවේදයන්. ඒ වගේම ඩස්ටින්ගේ රංගනය අතිශය ස්වභාවික වගේම තාත්වික වූවක්. එය මා ඔහු තුළින් දුටු, වඩාත්ම ප්‍රිය කළ ගුණාංගයයි.

The Graduate, Midnight Cowboy, Kramer vs Kramer ඩස්ටින්ගේ රංගනය මා වඩාත් ආසාවෙන් නැරඹු චිත්‍රපට අතරට එක් වෙනවා. ඒ වගේම ඔහුගේ රංගනය සම්මානනීය වුවක්. චිත්‍රපට රැසක රංගනය වෙනුවෙන් ඔස්කාර් සම්මානයට නිර්දේශ වූ ඩස්ටින් අවස්ථා කිහිපයකදීම සම්මානනීය වු විශිෂ්ට රංගන ශිල්පියෙක්. ඩස්ටින් හොෆ්මන් නම් වූ රංගන ශිල්පියා තුළින් අපට ඉගෙන ගත හැකි වූ දේ බොහෝමයි. එමෙන්ම ඔහු තෝරා බේරා ගත් චරිත පමණක් නිරූපණය කළ රංගන ශිල්පියෙක් ලෙසටත් ප්‍රකටයි. ඔහුගේ දායකත්වය ලබන්නා වූ සෑම නිර්මාණයක්ම ප්‍රශස්ත සිනමා නිර්මාණවීමත් සුවිශේෂ වෙනවා.

 

අල් පැසිනෝ

Al Pacino

 

 

අල් පැසිනෝ නම් වූ රංගන ශිල්පියා වේදිකාවේ මා වඩාත් ඇලුම් කරන චරිතයක්. ඔහු වේදිකා නාට්‍ය නළුවෙක් වගේම චිත්‍රපට නළුවෙක් සහ අධ්‍යක්ෂවරයෙක් ලෙසත් ප්‍රකටයි. ඇල්ෆ්‍රඩ් ජේම්ස් පැසිනෝ නම් වූ ඔහු රංගන ක්ෂේත්‍රයට මුල් පියවර තබන්නේ වේදිකාවෙන්. ඔහුගේ සිනමා රංගනයත් මා ඉතා ආසාවෙන් රසවිඳි දෙයක්. ඒ අතර චිත්‍රපට මා ඉතා ආසාවෙන් නැරඹු චිත්‍රපට අතරට ඇතුළත් වෙනවා. අල් පැසිනෝ නමු වූ මේ රංගධරයාගේ රංගනයත් ඇගයීමට පාත්‍ර වූ රංගනයක්. ඔස්කාර් සම්මාන ඇතුළුව සම්මාන රාශියකට ඔහු නිර්දේශ වී තිබීම විශේ්ෂයි.

ඒ අතර ඔස්කාර් සම්මාන අටක්, ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන පහළොවක්, බ්‍රිතාන්‍ය ඇකඩමි සම්මාන පහක් සඳහා නිරේශ වෙන්නට පැසිනෝගේ රංගනය සමත් වී තිබෙනවා. එමෙන්ම විවිධ චරිත නිරූපණයත් ඔහු තුළින් දැකිය හැකි වූ සුවිශේෂ ලක්ෂණයක්. මගේ හැඟිම නම් මේ අපූරු රංගන ශිල්පියා වේදිකාවෙන් ලද පන්නරය ඒ සඳහා ඉවහල් වූ බවයි.

 

ටෝනි රණසිංහ

 

 

ටෝනි රණසිංහයන් මා දකින්නේ අපේ කලා ක්ෂේත්‍රයේ සිටින විශ්වකර්ම රංගන ශිල්පියෙක් ලෙසිනුයි. ඔහුගේ රංගනය ඉතාම ඉහළ මට්ටමක පැවතීම එයට ප්‍රධානතම හේතුවයි. ‘රන් සළු’, ‘දෙලොවක්’, ‘හන්තානේ කතාව‘, ‘ගම්පෙරළිය’, ‘පරසතුමල්’ අපේ රටේ සාර්ථකත්වයක් ලබා ගත් අතිශය ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපට. මෙම චිත්‍රපටවල ටෝනිගේ රංගනය සුවිශේෂ වූවා සේම ඇතැම් සිනමා නිර්මාණ අසාර්ථක වුවත් එම නිර්මාණයන්හි ටෝනිගේ රංගනයන් ඉතා ඉහළ මට්ටමකින් පැවැති බව මම දුටු විශේෂ ලක්ෂණයක්. එමෙන්ම ඔහු රංගනයේදී තෝරා ගන්නා චරිත යහපත් මිනිසුන් ගොඩනැංවීමට උපකාරී වූ චරිතයන්.

එය ඔහුගේ බොහෝ චරිත තුළින් අපූරුවට ඉස්මතු වූ බවයි මගේ විශ්වාසය. ඒ හේතුව නිසා තමයි මම ඔහු විශ්වකර්ම රංගන ශිල්පියෙන් ලෙසින් හඳුන්වන්නේ. බෝඩිංකාරයෝ, හරිම බඩු තුනක්, බන්දුල විතානගේ ගේ වැනිසියේ වෙළෙන්දා වැනි වේදිකා නාට්‍ය තුලින් වේදිකාවේදි ටෝනි රණසිංහ නම් වූ රංගන ශිල්පියාගේ ප්‍රතිභාව අපට දැකගත හැකි වුණා. ඒ වගේම ඔහු ඉතා හොඳ පරිවර්තකයෙක්. ඔහු සතු වූ භාෂාව, සාහිත්‍ය පිළිබඳ වූ දැනුමත් එලෙසම විශිෂ්ටයි.

 

As You Like It
 
 
 

As You Like It  මා නැරඹු නාට්‍ය අතරින් විශේෂ වූ වේදිකා නාට්‍යයක්. එය තවත් සුවිශේෂ වෙන්නේ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ඔපෙරා රංග ශාලාවේදි මට එය නැරඹීමට අවස්ථාව ලැබීම නිසයි. ඇත්තෙන්ම නාට්‍යයක් නැරඹීමේදී එය නරඹන රංග ශාලාවත් වැදගත් වෙනවා. ලොව විශිෂ්ටතම වේදිකාවකදී මෙම නාට්‍ය නැරඹීමට ලැබීමත් මා ලද භාගයයක් කොට සළකනවා. ඒඵ කධභ ඹ්ඪඬඥ ධ්බ මහා නාට්‍යකරු විලියම් ශේක්ස්පියර්ගේ නාට්‍ය අතුරින් එකක්. එහිදී රංගන ශිල්පීන් වේදිකාවේ හැසිරීම සහ රංගභූමි අලංකරණය ඉතා වැදගත් ලෙසින් කැපී පෙණුනා. එහි වනාන්තරයක් නිරූපණය ඉතා ආකර්ෂණීයව ඉදිරිපත් කර තිබුණා. රංගන ශිල්පීන්ගේ හඬ රඟහලේ පිටුපසින් සිටින ප්‍රේක්ෂකයන්හට පවා ඉතා පැහැදිලිව ඇසෙන්නට වීමත් ඉතා වැදගත්. එහි වූ ඩියුක්, ඔලිවර්, සිල්වියා, ජේකස් වැනි චරිත අදත් මගේ මතකයට නැඟෙනවා.

 

රුක්මණී දේවී

 

රුක්මණි දේවී අපේ හෙළ සිනමාවේ සුවිශේෂතම චරිතයක්. ක්ෂේත්‍රය තුළ විවිධ අර්බුද මධ්‍යයේ කාන්තාවකගේ පැමිණීම ලෙසින් සටහන් වෙන්නේ රුක්මණී දේවියගේ පැමිණීමයි. ඇය වසර අවුරුදු දහඅටේදී ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ඇයගේ ගායන හැකියාව සමගිනි. ඇය අපේ සිනමාවේ නර්තනය, රංගනය හා ගායනය ආදි සියලු කලා හැකියාවන්ගෙන් පරිපූර්ණ වූ නිළියක්. කාන්තාවන් රංගනයට නොපැමිණි අවදියකදී ඇයගේ ආගමනය මෙරට සිනමාවේ සුවිශේෂ වූ කඩඉමක්. කඩවුණු පොරොන්දුව, කපටි ආරක්ෂකයා, උමතු විශ්වාසය, පෙරළෙන ඉරණම, හදිසි විනිශ්චය ආදි වූ චිත්‍රපට රැසක් ඇයගේ රංගනයෙන් ඔපවත් වුණා. ඒවායෙන් ඉදිරි පරම්පරාවන්ට උගත හැකි දේ බොහෝයි. ඒ වගේම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අහසින් පෙළවට චිත්‍රපටයට එක් වෙමින් නූතන තාක්ෂණය සමගින්ද ඇය රංගනයට දායකත්වය ලබාදීම විශේෂයි.

 

 

සිංහබාහු

 

 

ආචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් 1961 වසරේදී නිෂ්පාදනය කළ සිංහබාහු නාටකය ආසියාකරයේ වේදිකාව මත වූ ඉතාමත් ප්‍රශස්ත මට්ටමේ තිබෙන නාට්‍යයක් ලෙසින් නම් කරන්න පුළුවන්. චීනය, ජපානය වගේ රටවල් වල සම්ප්‍රදායික නාට්‍ය කලාව ගත්තාම ඒ අතරේ අපේ නාට්‍ය කලාව සිටින්නේ ඉදිරියෙන්. ඒ අතරේ වූ සිංහබාහු නාට්‍ය සදාතනික නාට්‍යයක් ලෙසින් මා දකිනවා. එහි වූ කතාපුවත, භාෂාව හැසිරවීම, ගේය පද රචනා ඉතා විශිෂ්ටයි. පෙරදිගට හුරුපුරුදු නාට්‍යධර්මි ගුණාංග නාට්‍ය ශෛලින් විදහා දක්වමින් නූතන වේදිකාවට ඒම ඉතා වැදගත්. මෙවැනි වූ නාට්‍ය මෙරට තවත් නිර්මාණය වෙලා නැහැ. වසර 50ක් පුරාවට එය ඒ අයුරින්ම ගෙන ඒමත් සුවිශේෂ වෙනවා. නමුත් ඇගතා ක්‍රිස්ටිගේ ඊඩඥ ර්ධභඵඥබපචන වේදිකා නාට්‍ය 1952 වසරේ සිට 2012 වසර දක්වා වසර 50ක් පුරා වේදිකාගත වෙමින් තැබූ වාර්තාව සිංහබාහු නාට්‍යයට අහිමි වන්නේ එය නොකඩවා වේදිකාගත නොවීම නිසා පමණයි.

 

Fiddler On The Roof
 

ජ්ඪඤඤතඥප ර්‍ණද ඊඩඥ අධධට වේදිකා නාට්‍ය මට කැනඩාවේදි රසවිඳින්න ලැබූ සුන්දර සංගීතමය නාට්‍යයක්. 1905 වසරේදී ජෙරි බොක් විසින් නිර්මාණය කළ මෙහි සිනමා නිර්මාණය 1971 වසරේදී එළිදැක්විණි. නෝමන් ජෙවිසන් විසින් අධ්‍යක්ෂණය කළ එය ඇකඩමි සම්මාන පවා දිනූ චිත්‍රපටයක්. ෙවිදිකා නාට්‍ය නිර්මාණය මා නැරඹුයේ මීට මාස කිහිපයකට පෙරදීයි. එහි ගීත සහ දෙබස් එක්ව ගලා යාම ඉතා විශේෂ ලෙසින් මා දකිනවා. දෙබස් කියමින් ගීත ගායනයටද පිවිසීම එහිදී කැපි පෙණුනා. ඇත්තටම එය විශ්මයජනකයි. ඊට අමතරව එහිදී එක් පුද්ගලයෙක් අඩි එක හමාරක් පමණ උසින් යුක්තව නිර්මාණය කළ නිවෙසක වහලය මත සිටිමින් තවත් එවැනිම වූ වහලයක් මත එක කකුලක් තබා වයලීනය වාදනය කිරීමේ දසුන ඉතා විචිත්‍රවත් අයුරින් දර්ශනය කෙරුණා. වේදිකාවේ ප්‍රබල සැලසුම එය තවත් වර්ධනය කළා සේම රංගනය අතිශයෙන් පුහුණු වූ නළු නිළියන් එම නාට්‍ය නිර්මාණය කෙරෙහි වූ ආකර්ෂණය තව තවත් ඉහළ නැංවූවා. ඒ නිසා ජ්ඪඤඤතඥප ර්‍ණද ඊඩඥ අධධට වේදිකා නාට්‍යයත් සුවිශේෂ අයුරින් මගේ හිත තුළ රැඳි තිබෙනවා.

 

 

 

 

 

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.