අරෝෂ අන්තර්ජාතික නිෂ්පාදනයකට එක්වෙයි චිත්‍රපටය භාෂා පහකින්

ජනවාරි 23, 2020

එම්. පී. අයි. සිනමා මණ්ඩලයේ අධ්‍යක්ෂ සහ සිනමා නිෂ්පාදක ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු අන්තර් ජාතික මට්ටමේ සිනමාපටයක් නිෂ්පාදනයට සූදානම් වේ. සිංහල ඇතුළු භාෂා පහකින් හඬ කැවීමට නියමිත මෙහි මූලික වැඩ කටයුතු ඉකුත් දා සිනමන් ග්‍රෑන්ඩ් හෝටල් පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවකින් පසුව ආරම්භ විය. ඉන්දියාව, මාල දිවයින, බංග්ලා දේශය සහ ශ්‍රී ලංකාව යන රටවල එකමුතුවෙන් නිර්මාණය වන මෙම සිනමාපටයේ රූප ගත කිරීම් මෙම වසරේ මැයි මාසයේදී ආරම්භ වන බව ආචාර්ය අරෝෂ සරසවියට පවසා සිටියේය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.