20 දී 20 යි

ජනවාරි 23, 2020

 

 

වසර විස්සක් එක දිගට එකම නාළිකාව ප්‍රවෘත්ති නිවේදකයකු හැටියට කෙනෙකු හිටියා නම් ඒක එක්තරා අන්දමක අභියෝගයක් ජය ගැනීමක් කියලා කියන්න පුළුවන්. එහෙම කෙනෙකු අපට හමු වුණා. ඔහු මේ වසරේ තමන්ගේ නිවේදන දිවියේ විසි වසර සමරනවා. මේ සොඳුරු නිවේදකයා නමින් චමින්ද ගුණරත්න. ඔහු සේවය කරන්නේ ජාතික නාළිකාවේ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. රාත්‍රී අට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශනයෙන් චමින්ද ඔබ හමුවට එනවා. 2000 වසරේ ප්‍රවෘත්ති නිවේදනයට පිවිසිලා නොයෙකුත් බාධක කම්කටොලු මැද වසර විස්සක් පුරා එක ලෙසටම චමින්ද තම වෘත්තියේ නියැළෙනවා. ඒ කාලය පුරා එකම නාළිකාවක ප්‍රවෘත්ති නිවේදනයේ යෙදීම තමයි විශේෂත්වය.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.