දේශීය සිනමා වංශයේ ද්විතීය කාණ්ඩය රවීන්ද්‍ර රන්දෙණිය අතට

ජනවාරි 30, 2020

 

මෙරට සිනමා වංශය පිළිබඳ ලියවුණු විශිෂ්ට ග්‍රන්ථයක් වන ගාමිණී වේරගම විසින් රචනා කරන ලද දේශීය සිනමා වංශය ග්‍රන්ථයේ ද්විතීය කාණ්ඩයේ (1970-1979) මුල් පිටපත පසුගියදා පිරිනැමුණේ ආචාර්ය රවීන්ද්‍ර රන්දෙනියට පිළිගැන්වූ මොහොතයි මේ. මේ අවස්ථාව සඳහා සරසවි ප්‍රකාශන ආයතනයේ අධිපති එච්.ඩී.පේ‍්‍රමසිරි, ප්‍රවීණ කිවිවර බුද්ධදාස ගලප්පත්ති, ලංකාදීප විශේෂාංග කර්තෘ සමන්ත යහම්පත් ඇතුළු සහෘදයෝ රැසක් සහභාගිවී සිටියහ.