සුපර්ණා පෙම්වතුන්ගේ දිනයේදි

ජනවාරි 30, 2020

 

සුජීව ප්‍රියාල් යද්දෙහිගේ තිර රචනය කර අධ්‍යක්ෂණය කළ කල්යානි රණවක නිෂ්පාදනයෙන් දායක වූ සුපර්ණා සිනමාපටය පෙබරවාරි 14 වැනිදා සිට තිරගතවීමට නියමිතය. දුලිකා මාරපන අශාන් ඩයස්, දර්ශන් ධර්මරාජ්, සංජීව උපේන්ද්‍ර, දිනක්ෂි ප්‍රියසාද්, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, කලණ ගුණසේකර, කෙනාරා විරතුංග, විශ්වජිත් ගුණසේකර, හයසින්ත් විජේරත්න, බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි, රයන් වැන්රෝයන්, මාලි ජයවීරගේ, රංජිත් රූබසිංහ, රිචඩ් මුණ්ඩි රංගනයෙන් දායක වෙති.

කැමරා අධ්‍යක්ෂණය -ධනුෂ්ක ගුණතිලක,සංස්කරණය, වර්ණ මිශ්‍රණය,හා ශබ්ද සම්මිශ්‍රණය-ප්‍රවීන් ජයරත්න, සංගීතය අධ්‍යක්ෂණය-පබලු විජේගුණවර්ධන, අංග රචනය-හර්ෂ මංජුල, කලා අධ්‍යක්ෂණය-ඩිනේෂ් ජයශාන්ත, ගීත ගායනය-දුමාල් වර්ණකුලසූරිය, දුලීකා මාරපන, දුල්ෂාරා ද අල්විස්, ගේය පද රචනය-දම්මික හෙට්ටිආරච්චි ගෙනි.