විෂම භාග රංගනයට ජැක්සන්ට ජගත් සම්මානයක්

වෛද්‍ය නෙඕමාල්ටත් සම්මානයක්
ජනවාරි 30, 2020

 

 

සම්මානනීය රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි තවත් අන්තර් ජාතික සම්මානයක් දිනා ඇති වගට සරසවියට වාර්තා විය. ඉකුත් දා ඉන්දියාවේ කල්කටා නුවර පැවති ෆොක්ස් ජාත්‍යන්තර සිනමා උලෙළේදී විෂම භාග චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවාට හිමි සම්මානය ජැක්සන් මෙවර හිමි කර ගන්නා ලදී.

නෙඕමාල්

එදින ඔහුගේ එම සම්මානය ලබා ගත්තේ වෛද්‍ය නෙඕමාල් පෙරේරායි. ඔහු නිර්මාණය කළ දඩඉම සිනමාපටය ද එම සම්මාන උලෙළ නියෝජනය කිරීම නිසා වෛද්‍ය නෙඕමාල් එහි ගොස් සිටියේය. එදින තවත් විශේෂත්වයක් වනුයේ වෛද්‍ය නෙඕමාල් ද කල්කටා ෆොක්ස් අන්තර් ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂවරයෙක්ගේ පළමු චිත්‍රපටය අංශය යටතේ ප්‍රථම ස්ථානයට සම්මානය හිමි කර ගැනීමය. දඩඉමේ ද ප්‍රධාන චරිතය රඟපාන්නේ ද ජැක්සන් ඇන්තනීය.