ජන ගීතයේ සිට පොප් ගීතය දක්වා අනුෂ්කා

ජනවාරි 30, 2020

ගාල්ලට කිට්ටු ‘දෙවට’ නම් කුඩා ගම්මානයකින් පැමිණෙන අනුෂ්කා මධුභාෂිනි, ගාල්ලේ සංගමිත්තා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවකි. ඇගේ පියා මිය යන විට ඇයගේ වයස අවුරුදු නවයක් වූ අතර ඇය තුන්වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියාය.

අනේක බාධකයන්ට එරෙහිව තවත් බාල සහෝදරියකගෙන් සමන්විත පවුල නගා සිටුවීමට ඇගේ මවට සිදුවීම නිසා නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දීමට ඇයට සිදුවිය.කෙසේ වෙතත්, දැඩි උට්ඨාන වීර්යකින් යුතුව අනුෂ්කා පාසැලේදී සංගීතය විෂයේ සන්ධිස්ථාන රාශියක්ද පසු කර යමින් තම අධ්‍යාපනය හා කලාව හැදෑරුවාය. යෞවනියක් ලෙස, වසර 2003 සිට 2008 දක්වා අඛණ්ඩව ගායනාව පිළිබඳව සමස්ත ලංකා සම්මාන කිහිපයකටම හිමිකම් ලබා ගැනීම ඇය ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් විය. ජන ගී සිට පොප් ගීත දක්වා මියුරු ලෙස ගායනා කළ හැකි පුළුල් කටහඬ පරාසයක් ඇය සතුව ඇත.අනුෂ්කාගේ ගායනා කිරීමේ සැඟවුණු, සහජ හැකියාවන් නිරාවරණය වූයේ මීට වසර අටකට පෙර ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ 02 වන වාරයේදීය. කිරුල දක්වා යාමට දක්ෂතාවන් පෙන්නුම් කළත්, ඉර්ඉ අඩුවීමේ හේතුවෙන් ඇයට ඉවත් වීමට සිදු විය. විනිසුරු මඩුල්ලට ආරාධිතයන් වශයෙන් පැමිණි වසන්ත දුක්ගන්නාරාල, ලක්ෂ්මන් විජේසේකර, ඉන්ද්‍රානි පෙරේරා, ඇනස්ලි මාලේවන, භාතිය සහ සන්තුෂ් වැනි සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ ඉමහත් ප්‍රසාදයට අනුෂ්කා ලක් වූ බව සඳහන් කිරීමඋචිත ය.සාම්ප්‍රදායික ජන ගීයට ගැළපෙන කටහඬක් අනුෂ්කා සතුව ඇති බවත්, ඇයගේ කට හඬ හා ගායන ශෛලිය ගැන ඔවුන් බෙහෙවින් සතුටට පත්වන බවත්, ප්‍රේක්ෂකයා ඇද බැඳ ගැනීම සඳහා ඇය මහත් ආත්ම සංයමයකින් ගායනා කරන බවත්, එම ගුණාංගයන් අනිවාර්‍යයෙන් දක්ෂ ගායිකාවකගේ ලක්ෂණ බවත් ඔවුන් සඳහන් කර ඇත.

අනුෂ්කා 2014 සහ 2015 වර්ෂවලදී, ගායන අංශයෙන් ශ්‍රී ලංකා තරුණ සම්මානය දිනා ගත්තාය. ඇය සාමාන්‍ය මනුෂ්‍යයන්ට වඩා බෙහෙවින් වෙනස් නිහතමානී චරිතයකි. කීර්තිය හා ප්‍රසිද්ධියට අකමැති ඇය පුද්ගලයන් අතර ගැවසෙන නමුත්, කැපී පෙනීමට ඉදිරිපත් නොවේ. ‘ඩ්‍රීම් ස්ටාර්’ තරඟයෙන් ඉහළ ශ්‍රේණි ගත කිරීමක් ලැබීම නිසා, ඇයට තරුවක් බවට පත්වීමේ අවකාශයක් තිබුණද, ඇය ප්‍රසිද්ධිය හඹා නොගියාය. ගායනා කිරීම සඳහා ගෙවීම් භාර නොගැනීම නිසා අනුෂ්කා මෙම ක්‍ෂේත්‍රයේ බොහෝ දෙනෙකු මවිතයට පත් කළාය. 

ඇය ප්‍රසංග වේදිකාවේ ගායනා කිරීමට අවස්ථා ලබා නොගත්තත්, පුණ්‍ය කටයුතු සඳහා පමණක් අහඹු ලෙස කැමැත්තෙන්ම ගායනා කිරීමට ඉදිරිපත් වන අවස්ථා ඇත. ඇයගේ මූලික අභිප්‍රාය වූයේ වෘත්තීමය වශයෙන් ‘මානව වංශ සංගීත විද්‍යාව’ (ඡ්බඩදධථභඵඪජධතධඨර) පිළිබඳ විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගැනීමයි. ඇයගේ සිහිනය සැබෑ වූයේ ඇය දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලයට තෝරාගත් අවස්ථාවේදීය. පළමුවන පන්තියේ ගෞරව සහිතව උපාධිය ලබා ගැනීමෙන් පසු, ඇය මුලින්ම එක් වසරක් ගාල්ලේ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සංගීත ගුරුවරිය ලෙස පත්වී සේවය කළාය. කෙසේ වෙතත්, සංගීතය හා බැඳී වෘත්තියක් තෝරා ගැනීම වඩාත් ප්‍රඥාගෝචර බව සිතු ඈ දෘශ්‍ය හා රංග කලා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරක් පිළිගැනීමට විචක්ෂණශීලී වූවාය.දැනට ඇය එම අංශයෙහිම බාහිර කථිකාචර්යවරිනියක ලෙස සේවය කරයි. ඒ අතරතුර, ඇය ප්‍රායෝගික හා පර්යේෂණ සංගීතය හැදෑරුවාය. ඇයගේ වර්තමාන අභිලාෂය වන්නේ,විශේෂයෙන් ජර්මනිය වැනි විදේශීය විශ්ව විද්‍යාලයක ‘මානව වංශ සංගීත විද්‍යාව’(ඡ්බඩදධථභඵඪජධතධඨර) පිළිබඳ ආචාර්ය උපාධියක් සඳහා කියවීමයි. මෙම අභිලාෂය සාක්ෂාත් කර ගත් විට අනුෂ්කාගේ දැඩි ආශාව වනුයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තම ක්ෂේත්‍රයේ ආචාර්ය උපාධියක් ලබා ගැනීම තුළින්, ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයට ඇයගේ අතිමහත් විශේෂ දැනුම ලබා දීමයි.

ගාල්ලට ආසන්නයේ, දෙවට ගම්මානයේ පිහිටි සරල නිවසක සිට කොළඹට සහ ඉන් පිටතට යාමේ අවශ්‍යතාවය තුළින් මතුවූ පීඩාකාරී න්‍යාය පත්‍රය ඇයගේ විශ්වවිද්‍යාල බැඳීම් සමඟ එකතු වූ නිසා, පසුගිය වසර කිහිපය තුළ ඇය අවධානය යොමු කළේ විශිෂ්ට ගණයේ සංගීත ප්‍රවීණයෙකුවූ මහේෂ් දෙනිපිටිය සමඟ ‘දෙරණ ඩෙල් චිත්‍රාගාරයේ’ සහ ‘සිංගගිරි චිත්‍රාගාරයේ’ත් සේවය කිරීමට පමණි. අනුෂ්කා 2010 දී ‘දෙරණ ඩ්‍රීම් ස්ටාර්’ සගයන් සමඟ එක් වරක් මෙල්බර්න් නුවර සංචාරය කර ඇත. පසු කාලීනව දෙවරක් ඕස්ට්‍රේලියාවේ මහේෂ් දෙනිපිටිය වාද්‍ය වෘන්දය සමඟ ඕස්ට්‍රේලියාවේ සියලුම ප්‍රාන්තවල සංචාරය කර ඇති අතර එහිදී ඇය මූලික වශයෙන් අත්වැල් ගායිකාවක් විය. මේ වසරේ පෙබරවාරි මාසයේදී ඇය නෙළුම් පොකුණ රඟහලේදී මහේෂ් දෙනිපිටියගේ “හිට්ස් බීට්ස්” (ඩ්ඪබල ඕඥචබල) සඳහා සහභාගී වූවාය. අනුෂ්කාගේ ‘ගොලුබෙලි ගමන’ මනාව දිස් වන්නේ ඇයගේ පළමු ශ්‍රව්‍ය ගීතය වන “රිදුණු තැන් ජීවිතේ බෝමයි” නිල වශයෙන් එළිදැක්වීම පසුගිය වසරේ පමණක් සිදුවීමත් සමඟය. එහිලා අමිලා තේනුවරගේ පද රචනයට සංගීතය මෙහෙයවන ලද්දේ අරුණ ගුණවර්ධන විසිනි. මෙම ගීතය සඳහා 2018 වසරේ රාජ්‍ය සංගීත සම්මාන උලෙළේ හොඳම සංගීත සම්මානය ඇය දිනා ගත්තාය.

ඉහත සන්දර්භය තුළ අනුෂ්කාගේ නිහතමානී සංගීත ගමනේ ඉදිරි සංධිස්ථාන දැන ගැනීම සියලු සංගීත ලෝලීන්ගේ ඒකායන ප්‍රාර්ථනාවයි!

සුනිල් තේනබදු

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
10 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.