සිරසෙන් The Voice Teens

ජනවාරි 30, 2020
තරඟකරුවන් පිරිසක්

 

ලොව වැඩිම පිරිසක් නරඹන තාරුණ්‍යයේ රියැලිටි වැඩසටහනක් The Voice Teens වැඩසටහනෙහි නිල වරලත් අයිතිය සිරස ටීවී ලබාගෙන තිබේ. එහි මෙරට රූපවාහිනි වැඩසටහන එළඹෙන පෙබරවාරි 01 දා සිට සෑම සෙනසුරාදාවකම රාත්‍රී 7.30 ට විකාශය වේ.

රයිනි, දුමාල්, අශාන්ති, සනුක

 

ලෝකය පුරා රටවල් 180 කට වැඩි ගණනක පුහුණුකරුවන් 400 කට අධික සංඛ්‍යාවක් සමඟින් දස දහස් ගණනින් ලෝකය හදුනන ගායක ගායිකාවන් රැසක් මෙම ජාත්‍යන්තර වැඩසටහන හරහා ලොවට හඳුන්වාදී ඇත. මෙම තරගය සඳහා වයස අවුරුදු 14 ත් 18 ත් අතර වයස් කාණ්ඩ යටතේ තරඟ වට කිහිපයක් යටතේ එනම් Blind Auditions, Coaches Rounds, Battle Rounds, Cross Battle Rounds සහ  Grand Finale යන තරඟ වට යටතේ තරගාවලිය පැවැත්වෙන අතර අවසාන ජයග්‍රාහකයා අවසන් මහා තරගයේ දී තෝරා ගැනීමට නියමිතය. The Voice Teens  වැඩසටහනෙහි පුහුණුකරුවන් ලෙස කටයුතු කරනු ලබන්නේ අශාන්ති ද අල්විස්, සනුක වික්‍රමසිංහ, දුමාල් වර්ණකුලසූරිය සමඟ රයිනි ගුණතිලක වන අතර වැඩසටහන මෙහෙවනු ලබන්නේ නිරූපණ ශිල්පිනී ස්ටෙෆ්නි සිරිවර්ධනයි.

 

ස්ටෙෆ්නි

 

දකුණ ආසියාවේ විශාලම මැදිරි සංකීර්ණයක් වන රත්මලාන ස්ටයින් මැදිරි සංකීර්ණයේ ඉදිවුණ විශේෂ මැදිරියක සිට The Voice Teens   විකාශය කෙරෙනු ඇත.

 

සුසාර

 

අනුග්‍රහාක භවතුවන් සමඟ නෙඩ්‍රා වීරසිංහ සහ චන්දන සූරියබණ්ඩාර

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.