ටෙලි නාට්‍ය කිහිපයකින් ඔබ හමුවන සම්පත් දඩල්ලගේ

ජනවාරි 30, 2020

චරිත හඹා යන්නට ආධුනික නළු නිළියෝ නිතැතින්ම පෙළඹෙනවා. ඒ තමන්ගේ දක්ෂතා එළිදක්වමින් මේ ක්ෂේත්‍රය තුළ නමක් හදාගන්න. සම්පත් දඩල්ලගේ ද එහෙම තරුණයෙක්. මේ වන විට ටෙලි නාට්‍ය කිහිපයකට සිය රංගන දායකත්වය සැපයූ ඔහු රාජ්‍ය සේවකයකු වීම විශේෂත්වයක්. වත්මනහි අගුණුකොලපැළැස්ස බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවය කරන සම්පත් කෙසේ හෝ විවේකයක් සොයාගෙන රංගන කටයුතුවල නියැලෙනවා.

උදාර පල්ලියගුරුගේ මහත්මයාගේ ක්‍රයිම් සීන් නාට්‍ය මාලාවේ තමයි මුලින්ම මං රංගනයේ යෙදුණේ. ඊට පස්සේ තණමල්විල කොල්ලෙක්, පැණි කුරුල්ලෝ, ක්වින් වගේ නාට්‍යවලට එකතු වුණා. තණමල්විල කොල්ලෙක් එකේ මට ලැබුණේ පොලිස් චරිතයක්. පැණි කුරුල්ලො අගමැති බොඩිගාඩ්. නමක් තියෙන චරිතයක් ලැබුණා ක්වීන් නාට්‍යයේ. මං මැර කණ්ඩායමේ භූමා. ඉදිරියේදීත් නාට්‍ය කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. රංගනයට මං හරියට ආස කළා. ඒත් මුලදි අවස්ථාවන් හොයා ගන්න බැරුව ඉන්න කොට සාරංග තල්පාවිල තමයි මට ක්ෂේත්‍රයට එන්න උදව් කළේ. මාතර නිරෝෂන් අයියත් සපෝර්ට් එක දුන්නා. රංගනයේ යෙදෙනවා කියන්නේ ඒක වෙනමම කර්තව්‍යක්නෙ. බොහෝ කැප කිරීම් කළා. කට්ට කෑවා. රාජ්‍ය සේවකයකු විදිහට වගකීම් පැහැර හරින්නත් බැහැනේ. මේ සියල්ලම කළමනාකරණය කරගෙන හිතේ ආසාවට රඟපානවා. කොළඹින් ටිකක් දුර ප්‍රදේශය නිසා යන එන එකටත් සෑහෙන වෙලාවක් යනවා. මගේ ගම ඇඹිලිපිටියනෙ. රංගනයට අවස්ථා තියෙනවා නම් දුර ප්‍රශ්නයක් කරගෙන නැහැ. කවදාවත් ෂූටිංවලට පරක්කු වෙලා නැහැ. කිව්ව වෙලාවට කිව්ව තැනට මං ෂුටිංවලට ගිහිල්ලා තියෙනවා. මං ඉගෙන ගත්තේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලෙන්. මං විවාහකයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. බිරිය නදීකා චතුරංගි. දුව යුවීනා පුතා යුවීන්. ඉදිරි නිර්මාණයකදී ක්‍රීඩකයෙකුගේ චරිතයක් කරන්න ආසාවෙන් ඉන්නවා. රම්‍යා ගමගේ, ජනක සම්පත්, සුපුන් රත්නායක, සමීර හසුන්, සහාය අධ්‍යක්ෂ ලසංක වගේ මට උදවුකරපු අයවත් ආදරෙන් මතක් කරනවා.

ප්‍රසාද්

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 5 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.