විවාහයේ රත්තරන් ජුබිලියට

සුබපැතුම්!
ජනවාරි 30, 2020

 

 

විවාහ ජීවිතයේ වසර පණහක් සපිරීම ඒ යුවළගේ වාසනාවක් කියලා කියන්න පුළුවන්. ඒ දෙදෙනා කලා ලෝකේ අයවලුන් වුණොත් ඒක හොඳ ප්‍රවෘත්තියක් වේවි. ජීවිතයේ නොයෙක් හැල හැප්පීම් මැද ගෙවුණු තමන්ගේ යුග දිවියේ වසර පණහ සැමරුවා දෙදෙනෙක්. මේ අයගෙන් පිරිමි පාර්ශවයේ කෙනා තමයි විජේරත්න වරකාගොඩ. බිරිය චිත්‍රා වරකාගොඩ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ. ඉකුත් 26 වැනිදා තමන්ගෙ විවාහ දිවියේ පනස් වැනි වසර සැමරුවේ ඔවුන් ගල්කිස්ස මහ හෝටල් පරිශ්‍රයේදී. එදින මනාලයකු සහ මනාලියක ලෙසින් සැරසී සහෘදයින් සමඟ විජේරත්න චිත්‍රා ඔවුන්ගේ විවාහ සංවත්සරය සමරනු ලැබුවා.

 

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.