පීනන්න නොදැන

ජනවාරි 30, 2020

 

 

නව පරපුරේ රංගන ශිල්පිනී නිරංජනි ශන්මුගරාජා රඟපාන චිත්‍රපටයක් මේ දවස්වල තිරගත වෙනවා. ඒකේ තරුණ මවක් හැටියටයි ඇය රඟපාන්නේ. චිත්‍රපටයට ඇති බලවත් කැමැත්ත නිසාම ඒ චරිතය ඇය බාර ගත්තා. පස්සෙ තමයි නිරංජනීට තරු පෙනුණේ.

චිත්‍රපටයේ එක්තරා දර්ශනයකදී නිරංජනී සුනාමියට හසු වෙනවා. එතනදි පීනගෙන යන්න ඕන. වැඩේ කියන්නෙ ඇයට පීනන්න බැහැ. දැන් නිරංජනී දන්නවා ගිලෙන්න තමයි වෙන්නේ කියලා. බැරිම තැන අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගෙන් ඇහැව්වලු ‘සර් මං මේ සීන් එකට ඕනමද කියලා’ එවලෙ තද වෙච්ච පාර සෝමේ නිරංජනීට බැනලා. ඒ බැනපු බැනිල්ලට තමයි අන්තිමේ නිරංජනී වතුරට බැහැලා තියෙන්නේ. බැනිල්ලේ තරම කොච්චරද කිව්වොත් ඇය එවලෙ දන්න විදිහට පීනලා. ජාඇල හරියෙ ලොකු වතුර ටැංකියක තමයි ඔය රූපගත කිරීම තිබුණේ. ඒකෙ ඇය බයෙන් පීනන දර්ශනය දැක බලා ගත හැකියි සුනාමි බැලුවොත්.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
14 + 6 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.