ඇමතුම් වැලක්

පෙබරවාරි 6, 2020

ඉකුත් සතියේ දිනෙක ජැක්සන් ඇන්තනිට එක ළඟ දුරකතන ඇමතුම් දෙකක් ලැබිලා. ඔහු ඒ මොහොතේ සිටින්නේ සුදේශ් වසන්ත පීරිස්ගේ නවතම සිනමාපටයේ රූපගත කිරීම්වල නියැලෙමින්. ඉන් එක් දුරකතන ඇමතුමකින් කියැවෙන්නේ ඉන්දියාවේ කල්කටා නුවර ෆොක්ස් අන්තර් ජාතික සම්මාන උලෙළේ හොඳම සහාය නළුවා ලෙස ජැක්සන් සම්මානයට පාත්‍ර වෙලා කියලා. ඒ පිළිබඳ සවිස්තරාත්මකව අප ඉකුත් සරසවියේ පළ කරනු ලැබුවා. දෙවැනි දුරකතන ඇමතුමෙන් කියවුණු ආරංචියට සම්මානනීය සතුට දෙගුණ තෙගුණ වුණා. ජැක්සන්ට එමඟින් කියැවුණේ ඔහු විසින් රචිත කන්ද උඩ ගින්දර කෘතිය නිකුත් කොට සති දෙකක් පමණ ඇතුළත සියලු පිටපත් විකිණී අවසන් කියලා. එය මුද්‍රණය කළ ගුණසේන සමාගමෙන් දෙවැනි මුද්‍රණය සඳහා ජැක්සන්ගෙන් අවසර ඉල්ලනවලු. ඒකත් සම්මානයක් හා සමානම සතුටක්. ඒ වගේම තව දෙයක් කියන්න ඕනෑ. ජැක්සන් සීයා කෙනෙකුත් වෙලා. මේ දිනවල ඔහු මුනුපුරාගේ සුරතල් බල බල ඉන්නවලු.

ප්‍රසාද් සමරතුංග
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.