සතුට වැඩිකමට

පෙබරවාරි 6, 2020

රොෂානා ඔන්ඩච්චි කැමැතිම නළුවෙක් ඉන්නවා. ඔහු තමයි අශාන් ඩයස්. තමන් ලැබෙන චරිතෙට උපරිමයෙන් සාධාරණයක් කරන නළුවකු හැටියට අශාන් ප්‍රසිද්ධයි. මේ හින්දම තමයි රොෂානා අශාන්ට ප්‍රිය කරන්නේ. ඔන්න දිනක් විදෙස් සංචාරයක් අතරතුරදි රොෂානාට දුරකතන ඇමතුමක් ඇවිත්. හේලි නාට්‍යයට රංගනයෙන් දායක වෙන්න කියලලු එමඟින් කියවුණේ. රොෂානා අහලා මට කාත් එක්කද රඟපාන්න තියෙන්නේ කියලා.

ඔයා අශාන් ඩයස්ගේ වයිෆ්.

අධ්‍යක්ෂවරයා එහෙම කිව්වට පස්සෙ රොෂානා මහ හයියෙන් කෑගහලා උඩත් පැනලා. එතකොට ඇය හිටියේ සිංගප්පූරුවේ සී ඇක්වේරියම් කියන ප්‍රසිද්ධ තැන. ටිකක් අමුත්තක් දැනුණ නිසා රොෂානා හිමින් වටපිට බලලා. එතකොටලු දැක්කේ එතන හිටපු ඔක්කොමලා ඇය දිහා බලාගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ යන යන තැන හිටපු සමහර අය රොෂානාව දැකලා අමුතු විදිහට හිනා වුණේ අර හයියෙන් කෑගහපු කෙනා මෙයා නේද කියලා හිතලලු.

ප්‍රසාද් සමරතුංග 
නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.