වෛද්‍ය නෙඕමාල්ගේ

දඩඉමට යළිත් ජගත් සම්මානයක්
පෙබරවාරි 6, 2020

 

 

වෛද්‍ය නෙඕමාල් පෙරේරා අධ්‍යක්ෂණය කළ දඩඉම සිනමාපටය ඉන්දියාවේ පැවති කල්කටා අන්තර් ජාතික කල්ට් සිනමා උලෙළේදී රන් සම්මානයක් දිනාගන්නා ලදී. අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම සිනමාපටය වන අංශයේ ප්‍රථම ස්ථානයට හිමි ගෝල්ඩන් ෆොක්ස් සම්මානයේ දඩඉම පිදුම් ලැබුවේය.

 

නෙඕමාල් පෙරේරා

රටවල් 140 ක සිනමාපට 5000 කට අධික සංඛ්‍යාවක් මෙම උලෙළ සඳහා ඉදිරිපත්ව තිබිණි. ඉන් 41ක් අධ්‍යක්ෂවරයාගේ ප්‍රථම සිනමාපට අංශය හා අවසාන වටයට තේරී පත් විය. වෛද්‍ය නෙඕමාල්ගේ දඩඉම පළමුතැන ගත්තේ එකී සිනමාපට සියල්ල අභිබවා යමිනි. මීට ප්‍රථම දඩඉම අන්තර් ජාතික සම්මාන ත්‍රිත්වයක් හිමි කර ගත් අතර සම්මාන උලෙළ දෙකක සම්මාන සඳහා නිර්දේශ විය. සම්මානිත සිනමා කෘතියක් වන දඩයම සිනමාපටයේ දෙවැනි කොටස සේ දඩඉම නිර්මාණය විය. ජැක්සන් ඇන්තනි, ස්වර්ණා මල්ලවාරච්චි, අකිල ධනුද්ධර ඇතුළු පිරිස දඩඉම සිනමාපටයේ චරිත මවති.