යූ-ටර්න් දින 50යි

පෙබරවාරි 6, 2020

 

චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කළ යූ ටර්න් සිනමාපටය තිරගත වීම ආරම්භ වී දින පනහක් සපිරිණ. එය මේ වන විට ඉහළ ප්‍රතිචාර මැද තිරගත වන බව සිනමාපටයේ නිෂ්පාදක සීමාසහිත මහරාජා සමාගම දන්වා සිටියි. හේමාල් රණසිංහ, බිමල් ජයකොඩි, ගම්‍යා විජේදාස, චානු දිසානායක ආදීහු මෙහි රංගනයේ යෙදෙති.