බොලිවුඩයේ අලුත් අම්මා

පෙබරවාරි 13, 2020

බොලිවුඩ් නිළියක් මේ දිනවල දරු සුරතල් බලනවා. ඇය කල්කි කොචිලින්. පසුගිය 07 වැනිදා ඇය දියණියකගෙන් මව් පදවිය ලැබුවා. කල්කි සහ ඇයගේ පෙම්වතා, ඊශායල ජාතික සංගීතඥයකු වන ගයි හර්ස්බර්ග් දරු සුරතල් බලන්නට සූදානම් බව නිවේදනය කළේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි.

ගර්භණී සමයේදී කල්කි සිය අත්දැකීම් දින පොතක් ලෙසින් අන්තර්ජාලය වෙත එක් කිරීම කාගේත් පැසසුමට ලක් වුණා. ඇය සිය දියණියගේ උපත නිවේදනය කළේ ඇයගේ ඡායාරූප ද සමඟින්. කල්කි සහ ගයි තම බිළිඳු දියණියට තැබූ නම සැපෝ.