දවසට පැය 23ක් වැඩ

පෙබරවාරි 13, 2020

ආනායා පාණ්ඩේ බොලිවුඩයට පායා ආ තවත් තරු දරුවෙක්. බොලිවුඩ් නළු චන්කි පාණ්ඩේගේ දියණිය වන ඇය සිය සිනමා ගමන ආරම්භ කළේ පසුගිය වසරේ තිරගත කෙරුණු Student of the Year 2 නම් යොවුන් චිත්‍රපටයෙන්. එම රංගනය ඇය ෆිල්ම් ෆෙයාර් හොඳම නැගී එන තරුවට හිමි සම්මානය වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වුණා.

Pati Patni Aur Woh (2019) චිත්‍රපටයෙන් සිය දෙවැනි සිනමා රංගනය ඉදිරිපත් කළ ඇය මේ දිනවල ඉෂාන් ඛාතර් සමඟ Khaali Peeli හින්දි චිත්‍රපටයේ රූගත කිරීමට සඳහා දායකත්වය ලබා දෙමින් සිටිනවා. Khaali Peeli චිත්‍රපටය හේතුවෙන් අනායා අතිශයෙන් කාර්යබහුල වී සිටින බව ආරංචියි. පෙබරවාරි මාසය අවසන් වන තෙක් ඇයට මෙම සිනමා නිර්මාණයේ රූගත කිරීම් යෙදී ඇති අතර මේ වන විට ඇයට දිනකට පැය 23ක් රූගත කිරීම් වෙනුවෙන් වෙන් කරන්නට සිදු වෙලා.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.