කිං ඛාන්ගේ මීළඟ පියවර

පෙබරවාරි 13, 2020

බොලිවුඩයේ කිං ඛාන් හෙවත් ශාරුක් ඛාන්ගේ රංගනයක් ප්‍රේක්ෂකයන් දුටුවේ 2018 වසරේ Zero චිත්‍රපටයෙන්. Zero මෙන්ම 2017 වසරේ දී ශාරුක් රඟපෑ Jab Harry Met Sejal චිත්‍රපටයටත් ආදායම් වාර්තා අතරට පැමිණීමට හැකි වූයේ නැහැ. ඛඥපධ චිත්‍රපටයෙන් පසු තවත් චිත්‍රපටයක් වෙනුවෙන් ගිවිසුම් අත්සන් නොකළ ඔහු වරෙක පවසා සිටියේ මීළඟ පියවර දැඩි අවධානයෙන් තබන්නට සූදානම් බවයි. ඒ අනුව ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය කවුරුන් යටතේ අධ්‍යක්ෂණය වනු ඇති දැයි සියල්ලන් බලා සිටිනා කාරණයක්. ප්‍රේක්ෂක බලාපොරොත්තු ඉටු කරමින් රාජ් නිධිමෝරු ක්‍රිෂ්ණා ඩී‍කේ විසින් අධ්‍යක්ෂණය කෙරෙන මීළඟ චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ශාරුක් වනු ඇති බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා. ඒ Gentleman (2017), Happy Ending (2014), Go Goa Gone (2013) චිත්‍රපට අධ්‍යක්ෂණය කළ රාජ් සහ ඩීකේ ශාරුක් වෙනුවෙන් මෙම චිත්‍රපටයේ පිටපත කාලයක් පුරා වෙන්කර ගෙන සිටි එකක් බවද පැවසෙනවා. මේ වසරේ මැද භාගය වන විට එහි නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට නියමිත බවත් ඔවුන් නිවේදනය කළා. කෙසේ නමුත් ශාරුක් මෙම ආරාධනාව භාර ගත් බව නම් තවමත් නිවේදනය කර නැහැ.

 

 

Add new comment