මිස් ජෙනිස්ට නලීන්ගෙන් අවලාද

පෙබරවාරි 13, 2020

 සම්මානනීය අංග රචනා ශිල්පී නලීන් ප්‍රේමතිලක තමන්ට අසාධාරණයකට මුහුණපාන්නට සිදු වී ඇති වග සරසවියට දැන්වීය. ඒ ඔහු දායක වූ මිස් ජෙනිස් චිත්‍රපටයෙනි. නැසීගිය රංගනවේදී ජයලත් මනෝරත්න කාන්තාවක සේ රඟන්නේ මෙම සිනමාපටයේය. ඔහු එලෙස වෙස් ගැන්වූයේ නලීන් ප්‍රේමතිලකයි. ඔහුට සිදු වූ අසාධාරණය ඔහුගේ වචනවලින් අප මෙසේ සඳහන් කරමු.

මිස් ජෙනිස් රූපගත කරද්දී වෙච්ච අකටයුතුකම් කිහිපයක් තිබුණා. මං ඒවා සමහර තැන්වලදී නිෂ්පාදකතුමා එක්ක විවේචනය කළා. මේ නිසා මාත් එක්ක ඇති තරහව නිසා ඔහු චිත්‍රපටයේ නාමාවලියේ මගේ නම අයින් කරන්න සැලසුම් කරලා. එතන එඩිටිං රූම් එකේ හිටපු හැමෝම ඒ වැඩේ කරන්න එපා කියලා ඔහුට කියලා.

අන්තිමේ නාමාවලියේ මගේ නම තියෙන්නේ එන්. ප්‍රේමතිලක කියලා. මම එන්. ප්‍රේමතිලක නෙවෙයි නලීන් පේ‍්‍රමතිලක. මට අවශ්‍ය වෙන දෙයක් නෙවෙයි මගේ නම නලීන් පේ‍්‍රමතිලක කියලා මිස් ජෙනිස් චිත්‍රපටයේ නාමාවලියේ සඳහන් වෙන්න. මනෝ අයියා කාන්තාවකට අන්දන්න මං හුඟක් වෙහෙසුණා.

චිත්‍රපටයෙහි ප්‍රචාරණයටත් යොදා ගන්නේ මං වෙස් ගන්වපු මනෝ අයියගේ රුවනෙ. මගේ මහන්සියට සරිලන ගෙවීමකුත් මට ලැබුණේ නැහැ. එහෙම තත්ත්වයක් මත මගේ නම වෙනස් කොට සඳහන් කිරීම හරිම අසාධාරණයි. මගේ නම හරියට සඳහන් නොවුණොත් නීතිමය ක්‍රියා මාර්ගයකට පිවිසෙන්න මං සූදානම්. මං ඉල්ලන්නේ බොහොම පොඩි දෙයයි. මගේ නම හරියට සඳහන් කරන්න.

Add new comment