‘ගාඩි’ට එමරල්ඩ් ඩව් සම්මානය

පෙබරවාරි 13, 2020

 ස්වාධීන සිනමා සහ ස්වාධීන සිනමාකරුවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉන්දියාවේ චෙන්නායි නගරයේ තෙවැනි වරට පැවැත් වූ චෙන්නායි ස්වාධීන චිත්‍රපට උලෙළේදී එහි ප්‍රධාන සම්මානය වන එමරල්ඩ් ඩව් (හරිත පරෙවියා) සම්මානය ප්‍රසන්න විතානගේ ගේ “ගාඩි” චිත්‍රපටයට හිමි විය.

ස්වාධීන සිනමාවේ සංදිස්ථානයක් සටහන් කරන සිනමා නිර්මාණයක් ලෙස සලකමින් මෙම සම්මානය පිරිනමන ලද බව හේතු පාඨයේ සඳහන් වෙයි.

සජිත අනුත්තර, ධිනාරා පුංචිහේවා, ශ්‍යාම් ප්‍රනාන්දු, රවීන්ද්‍ර රන්දෙණිය, අයිරාංගනී සේරසිංහ, කලණ ගුණසේකර, දමයන්ති ෆොන්සේකා, ආනන්ද කුමාර උන්නැහේ ඇතුළු නළු නිළියන් රැසක් රඟපාන “ගාඩි” ෆිල්ම් අයිලන්ඩ්, ජා පික්චර්ස්, එච්. ඩී. ප්‍රේමසිරි සමඟ ල‍්‍රසන්න විතානගේ ගේ හවුල් නිෂ්පාදනයකි.

“ගාඩි” ශ්‍රී ලංකාවේදී ළඟදීම තිරගතවීමට නියමිතයි.

Add new comment