ශ්‍රීමත්ගේ සිතුවම් දැක්ම සමඟ පරමානන්දය පොත හෙට දොරට වඩී

පෙබරවාරි 13, 2020

 ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ රිදම් ඔෆ් ශ්‍රීමත් ඒක පුද්ගල සිතුවම් දැක්ම සහ පෙම්වතුන්ගේ දිනය නිමිත්තෙන් ලියූ ‘පරමානන්දය’ රූප කාව්‍ය ග්‍රන්ථය සහ සංගත තැටිය එළිදැක්වීම නුගේගොඩ, මිරිහාන, බුවනෙකබා මාවතේ (මිරිහාන පොලීසිය අසල) පිහිටි කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේදී පෙබරවාරි 14 වැනිදා උදේ 10.00 ට පැවැත්වේ. තොරතුරු සහ තාක්ෂණ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ කලාකරුවෝ, මාධ්‍යවේදීහු රැසක් එම අවස්ථාවට එක් වෙති.

‘පරමානන්දය’ ශෘංගාරාත්මක රසාලිප්ත රූපකාව්‍යයකි. ශ්‍රීමත් සහ රංග ශිල්පිනි ඉෂාරා සෙව්වන්දි සුසංයෝගයෙන් නිර්මිත අතිශය ප්‍රේමණීය කාච සිත්තම 60 ක් සහ කව් ගී 60 ක් මෙම කෘතියට ඇතුළත්ය.

රිදම් ඔෆ් ශ්‍රීමත් සිතුවම් දැක්ම පෙබරවාරි 14, 15, 16 තෙදින තුළ උදේ 10.00 සිට රාත්‍රී 7.00 දක්වා මහජන ප්‍රදර්ශනයට විවෘතව පවතී. ප්‍රදර්ශනය නරඹන සැමට සමරු තිළිණ ලබාදීමට කටහඬ මාධ්‍ය කේන්ද්‍රය පියවර ගෙන ඇත. 

Add new comment