හොඳට හිතලා කරන පිනක්

පෙබරවාරි 13, 2020

රූපණවේදියෙක්, තිර කතා රචකයෙක් සහ අධ්‍යක්ෂවරයෙක් යන භූමිකාවන්ට කදිම අන්දමින් සාධාරණයක් ඉටු කළ පතිරාජ එල්. එස්. දයානන්ද අප අතරින් වියෝ වී දස වසරක් සපිරෙනවා. ඔහු අප අතරින් නික්ම ගිය දින පටන් වසරක් පාසා ඔහුගේ බිරිය දානමය පින්කමක් පැවැත්වූවා. මෙම වසරේ එය වෙනුවට තවත් මහඟු පින්කමක් කරන්න ඇය ලැහැස්ති වෙලා. වාර්ෂික දානයට විය හියදම් වන මුදල් සියල්ල එක්කාසු කරලා සමන්ති ලැනරෝල්ගේ දියණියට ලබා දෙන්න පතිරාජ බිරිය කටයුතු කරලා. ලැනරෝල්ගේ දියණිය මේ වන විට ඉන්නේ අසනීප තත්ත්වයෙන්. ඇයගේ බෙහෙත් හේත් සඳහා වියදම් කරන්නයි මෙම මුදල ලබා දෙන්නේ. ඒකත් මහත් වූ පින්කමක් වනු නොඅනුමානයි.

 

නිශ්ශංක විජේරත්න

Add new comment