සතිස්ගේ යකඩ කට

පෙබරවාරි 20, 2020

ප්‍රවීණ කලාකරු සතිස්චන්ද්‍ර එදිරිසිංහ ඉකුත් දා කැබතිගොල්ලෑව කලත්තෑව මහ විදුහලට ගියා. ඒ තමන්ගේ ජන්ම දිනය සැමරීම වෙනුවෙන්. එදින ඔහු ඉතාම අගනා කටයුත්තක් සිදු කළා. ඒ ගැන කියන්නයි මේ හදන්නේ. කලත්තෑව විදුහලට ශබ්ද විකාශන යන්ත්‍රයක අඩුවක් තිබුණා. එය එදින සතිස් විසින් සපුරනු ලැබුවේ පාසලේ පැවති උත්සවයකදී. එහිදී ආනන්ද පොල්ගහවෙල, අනුර වරාගොඩ සහ ගුණසිරි මල්ලවාරච්චි යන කලාකරුවන් සහභාගී වූ රස වින්දන වැඩ සටහනක් ද පැවැත්වුවා. මේ සියලු දේවල් නිසා කලත්තෑවේ විදුහල එදා සතුටින් පිනා ගියා. මේ අවස්ථාවලට ජයතිස්ස අතුලසිරිත් විශේෂ ආරාධිතයකු හැටියට සහභාගි වුණා. ඉදිරියේදී උපන් දිනවලට මෙවන් වූ අගනා කටයුතු සිදු කරන බව සතිස්චන්ද්‍ර අප හා පැවසුවා.

නිශ්ශංක විජේරත්න

Add new comment