ඉක්මන් සුව පතමු!

පෙබරවාරි 27, 2020

ඔබ හොඳින් හඳුනන ගීත රැසක් ගැයූ ගායකයකු ලෙසට සෝමසිරි මැදගෙදර හඳුන්වා දෙන්න පුළුවන්. ඔබගෙ දෝතින් පිදූ ආදරේ, ඔබේ ආදරේ, මුතු මුතු වැස්සේ, ඉස්සර බැඳි පෙම, සඳයි තරුයි නිසංසලේ වැනි ඔහු ගැයූ ගීත ලැයිස්තුව කෙටි කරමිනුයි අප ඒ සඳහන් කළේ. සෝමසිරි අසනීපව ඇති බව බොහෝ දෙනෙකු දන්නේ නැහැ. මේ වන විට සෝමසිරි මහරගම අපේක්ෂා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. ඔහු එලෙස ඉන්නා නිසා බොහොම හුදකලාවෙන් තමයි කාලය ගත කරන්නේ. සෝමසිරි බොහොම ආදරෙන් තම සහෘදයින්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමන්ව බලන්නට සුව දුක් අහන්නට එන්න කියායි. සෝමසිරි මැදගෙදර කියන්නේ බොහොම සංවේදී අවිහිංසක කලාකරුවෙක්. ඉතා ඉක්මනින් සුව වී යළිත් කලා කටයුතු ආරම්භ කරන්නට හැකි වේවා කියලා සරසවිය අප ප්‍රාර්ථනා කරනවා.

ප්‍රසාද් සමරතුංග

Add new comment