තරුණ කලාකරුවන්ට පාඩමක්

පෙබරවාරි 27, 2020

ජනප්‍රිය නළු කාවිංග පෙරේරාගේ මෝටර් රථය ඉකුත් දා අනතුරකට ලක් වුණා. ඒ මොහොතේ එය පදවමින් සිටියේ ඔහු. මේ අනතුරින් පාරේ සුදු ඉරි අඳිමින් සිටි තැනැත්තෙකු ජීවිතක්ෂයට පත් වූ වග පොලීසිය සඳහන් කළා. ඔවුන් වැඩිදුර විස්තර සඳහන් කරන පරිදි කාවිංග මේ වන විට ඉන්නේ වැලිකඩ බන්ධනාගාරයේ. ලබන මාසේ තුන් වැනිදා වනතුරු ඔහුට එහෙම ඉන්න වෙලා තියෙන්නේ ඇප ලබා දීම ප්‍රතික්ෂේප වුණ නිසයි. කාවිංගගේ ළඟම හිතවතෙකු සඳහන් කළේ මේ සිදුවීම තරුණ කලාකරුවන්ට ලොකු පාඩමක් කියා දුන් එකක් බවයි. 

ප්‍රසාද් සමරතුංග
  

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
9 + 7 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.