හුස්ම ගැන කතා බහක්

පෙබරවාරි 27, 2020

සි. එස්. ආර්. මාසික සිනමා කතිකාවත වැඩසටහන් මාලාවේ මීළඟ අදියර මෙම මස 29 වැනිදා සවස මරදාන ඩීන්ස්පාරේ සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙවර කතාබහ කෙරෙනුයේ සුදේශ් වසන්ත පීරිස්ගේ හුස්ම සිනමාපටය පිළිබඳ වන අතර එය තිරගත කිරීමෙන් අනතුරුව සංවාදය පැවැත්වෙනු ඇත. භූපති නලින් වික්‍රමගේ, උපේක්ෂා නුවන්ශිනි, තිවංක විශ්වනාත් ජයසේකර සහ ලංකා බණ්ඩාරනායක මෙහිදී අදහහස් දක්වති. නුවන් ජූඩි ලියනගේ සභාව මෙහෙයවීමට නියමිතය.