නළු නිළියෝ ක්‍රීකට් ගසති

පෙබරවාරි 27, 2020

උදේ පාන්දරින් කොළඹින් පිටත් වුණු මේ නළු නිළි කැලගේ ගමනාන්තය වුණේ තෝප්පුව ක්‍රීඩාංගනයේ. වෙනදා සුකුරුත්තම් ඇඳුම්වලින් සැරසුණ ඔවුන් අද ටී ෂර්ට් එකකින් සහ බොටමකින් සැරසිලා. හිසේ හිස්වැසුම්. දවල් වෙද්දි ඔවුන් පිට්ටනියට බැස්සා. ටික වේලාවකින් දුටුවේ සනෝජා බිබිලේ බෝලය පසුපස දුව යනවා. චිලී තිවංකගේ වේග පන්දු යැවීම හමුවේ පිතිකරුවන් කිහිප දෙනෙකුගෙ සැර එහෙම බාල වුණා. රුක්ෂානා දිසනායකත් පුළුවන් විදිහට පිති  හරඹයක යෙදෙන්නට උත්සාහ කරනු පෙනුණා. කොහොම හරි මේ පිරිවර සහෝදරත්වයෙන් ක්‍රීඩා කොට මේ  නළු නිළි ක්‍රිකට් තරඟය නිමා කළා. මේ එහි අවස්ථා කිහිපයක් අප ඡායාරූප ශිල්පී තිලක් පෙරේරාගේ කැමරා ඇසට හසු වූ අයුරු. 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.