තාත්තයි දුවලා දෙන්නයි පොත් තුනයි 27 එළි දකියි

පෙබරවාරි 27, 2020

සම්මානනීය ලේඛක ගුණසේකර ගුණසෝම හා ඔහුගේ දියණියන් දෙදෙනා ලියූ පොත් තුනක් පෙබරවාරි 27 බ්‍රහස්පතින්දා සවස 3.00 ට ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේදී ජනගත කරේ. ඔහුගේ “හීන් වට්ටවිදානේගේ කතා” තීරු ලිපි රචනා ග්‍රන්ථය පිළිබඳ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතාද, යශෝධරා ගුණසේකර රචිත “සුරතල් සතුන් ලෙඩ වන්නට පෙර” තීරු ලිපි සංග්‍රහය මහාචාර්ය අශෝක දංගොල්ල මහතාද, පූජනී ගුණසේකර රචිත “යාපනයේ දෙමළ ජනකතා” ග්‍රන්ථය පිළිබඳ ජනශ්‍රැතිවේදී මහින්ද කුමාර දළුපොත මහතා ද දෙසුම් පැවැත්වීමට නියමිතය. “තාත්තයි දුවලා දෙන්නයි පොත් තුනයි” සාහිත්‍ය කතිකාව සඳහා පැමිණෙන්න යැයි සාහිත්‍යලෝලී ඔබ සැමට සූරිය හා සරසවි ප්‍රකාශකයෝ ඇරැයුම් කරති. සංකථන මෙහෙයුම මාධ්‍යවේදී දිනූෂ කුඩාගොඩගේ විසිනි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.