දුම්රියේ ගී ගයන බොලිවුඩ් තරුව

පෙබරවාරි 27, 2020

අයුෂ්මාන් කුරානා මේ වන විට බොලිවුඩයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා සිටින දක්ෂ තරුවක්. මෙවර ෆිල්ම්ෆෙයාර් සම්මාන උලෙළේ හොඳම නළුවාට හිමි විචාරක සම්මානය පිරි නැමුණෙත් ඔහු වෙතටයි. 2012 වසරේදී Vicky Donor චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඔහු බොලිවුඩයේ තමන්ට අන්‍යතාවයක් ගොඩනඟා ගත්තේ කෙටි කාලයකින්. නළුවෙක් පමණක් නොව අයුෂ්මාන් කුරානා කියන්නේ ගායනයේත් දක්ෂයෙක්. ඔහු ඒ වෙනුවෙන් ඇගයීමට පවා ලක් වී සිටින්නෙක්.

සාමාන්‍යයෙන් දුර ගමනක් යන විට අයුෂ්මාන් ගයන ගීත රැසක් රස විඳීන්න පුළුවන්. දුම්රිය ගමන්වලදී එය විශේෂයි. ඉතින් දුම්රිය ගමනකදී ගී ගයන අයුෂ්මාන්හට අනෙකුත් මගීන් මුදල් පිරිනමන අවස්ථා ද වන බව බොලිවුඩයේ ජනප්‍රියයි. එවැනි ගමනකදී ගෝවවලට විනෝද චාරිකාවක් යාමට තරම් ප්‍රමාණවත් මුදල් එකතු වන බවත් ආරංචියි.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
7 + 4 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.