Mr. India නඩු මඟට

පෙබරවාරි 27, 2020

Mr. India බොලිවුඩ් සිනමාවේ ඉහල ජනප්‍රියත්වයක් හිමි කරගත් චිත්‍රපටයක්. ශේකර් කපූර් විසින් අධ්‍යක්ෂණය කර අනිල් කපූර් සහ ශ්‍රී දේවි ප්‍රධාන චරිත නිරූපණය කළ එය බොලිවුඩ් සිනමාවේ සංකේතාමක සිනමාපටයක් බවටද පත් විය. Mr. India චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයක් අධ්‍යක්ෂණය කරන්න සූදානම් බවට චිත්‍රපට අධ්‍යක්ෂ අලි අබ්බාස් සෆාර් කළ ප්‍රකාශය බොලිවුඩයට උණුසුම් පුවතක් බවට පත් වුණා. එදා චිත්‍රපටය ප්‍රිය කළ නරඹන්නන් යළිත් එය දැක ගැනීමට ප්‍රිය කළේ ශ්‍රී දේවිගේ වැඩිමහල් දියණිය ජාන්විගේ රංගනය සමඟින්. එපමණක් නොව බොහෝ දෙනෙක් අනිල් කපූර්ගෙන් මේ පිළිබඳ වැඩි විස්තර විමසා සිටියා. ඒ සෑම අවස්ථාවදීම ඔහු පැවසුවේ එවැනි පුවත්වල කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. මෙම චිත්‍රපටය නිෂ්පාදනය කළ බොනී කපූර් තවමත් මේ පිළිබඳ කිසිදු ප්‍රකාශයක් නොකර සිටීමට හේතුව ඒ සඳහා ඔහුගේ අවසර ලැබී ඇති බවටද කතා පැතිර යනවා. කෙසේ නමුත් තමාගෙන් කිසිදු විමසීමක් නොකර Mr. India චිත්‍රපටය ප්‍රතිනිර්මාණය කිරීමට එරෙහිව අධ්‍යක්ෂ ශේකර් කපූර් විසින් නීතිමය පියවර ගැනීමටත් කටයුතු යොදා අවසන්.

යතේජා ඥානරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
8 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.