කත්‍රිනා - විකී ආදර කතාවක ?

පෙබරවාරි 27, 2020

මේ දිනවල බොලිවුඩයේ අලුත් පෙම් යුවලක් ගැනත් කතා පැතිර යනවා. එනම් කත්‍රිනා කයිෆ් සහ විකී කෞෂාල් ගැනයි. ඒ නිසාම පැපරාසි නිරන්තරයෙන් ඔවුන් පසුපස හඹා යන බවත් ආරංචියි. පසුගිය 21 වැනිදා විකීගේ නවතම චිත්‍රපටය Bhoot – Part One: The Haunted Ship තිරගත කෙරුණා. ඒ වෙනුවෙන් වූ විශේෂ දර්ශනයකට කත්‍රිනා සහභාගිවීමත් විකී සමඟින් ඡායාරූපවලට පෙනී සිටීමත් සමඟ මෙම ආරංචිය බොලිවුඩය පුරා පැතිර යන්න පටන් අරන්. රන්වීර් සමඟ කාලයක් පෙමින් බැඳී සිටි කත්‍රිනා බොලිවුඩයට පිවිසි මුල් කාලයේදී සල්මන් ඛාන් සමඟින් දප්‍රේමයෙන් බැඳී සිටියා. විකී කෞෂාල් හැඳීන්වෙන්නේ මේ වන විට බොලිවුඩයේ සාර්ථක ගමනක නිරත නළුවකු ලෙසින්. Gangs of Wasseypur චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයකු ලෙසින් බොලිවුඩයට පිවිසි විකී කෞෂාල්ගේ රංගනයන් අතර පසුගිය වසරේ තිරගත කෙරුණු Uri: The Surgical Strike චිත්‍රපටය විශේෂ අවධානයට ලක් වුණා.

යතේජා ඥානරත්න

Add new comment