ට්‍රම්ප් දියණිය සමඟ ටාජ් මහලට

මාර්තු 5, 2020

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඉන්දීය නිල සංචාරය යෙදී තිබුණේ මීට සති කිහිපයකට පෙරදීයි. ඔහු සමඟින් ඔහුගේ බිරිය මෙලානියා ට්‍රම්ප් සහ දියණිය ඉවන්කා ට්‍රම්ප් ද එක් වී සිටියා. මේ සංචාරයේදී ඔවුන් ඉන්දියාවේ නැරඹු ස්ථාන අතර ටාජ් මහල් ගොඩනැඟිල්ල ද විශේෂත විය. ටාජ් මහල් ගොඩනැගිල්ල ඉදිරිපිට සිමෙන්ති බංකුවක අසුන් ගෙන ඉවන්කා ගත් ඡායාරූපයක් කාගේත් කතාබහට ලක් වෙලා. එහි ඉවන්කාට දකුණු පසින් සිටින්නේ ජනප්‍රිය ඉන්දීය නළුවෙක්. ඔහු ඩිල්ජිත් දොසාන්ජ්.

ඩිල්ජිත්, ඉවන්කා සමඟින් සිටින ඡායාරූපය නම් කර තිබුණේ මම සහ ඉවන්කා නමින්. හැබැයි ඉතින් මේ පින්තූරය ඉවන්කාට රහසක් වුණේ නැහැ. ඉන්ස්ටග්‍රම් හරහා එය දුටු ඉවන්කා පුංචි සටහනක් එයට එක් කළේ, මාව ටාජ් මහලට කැඳවා ගෙන ගියාට ස්තූතියි. කවදාවත් එය අමතක වෙන්නේ නැහැ යනුවෙන් සඳහන් කරමින්. ඉන්දීය සංචාරයේදී ඉවන්කා පෙනී සිටි පින්තූරය ඇයගේ ඉන්ස්ටග්‍රම් ගිණුමට එක් කළ පසු ඩිල්ජිත් විසින් එයට තම රුව යොදා සකස් කර මෙලෙස ඔහුගේ ගිණුමට ඇතුළත් කරලා.