දුෂ්ටයා යළිත්

මාර්තු 5, 2020

මොහිත් සූරි Ek Villain චිත්‍රපටය නිර්මාණය කළේ මීට හය වසරකට පමණ පෙරදීයි. එය චිත්‍රපට මාලාවක් බවට පත් කරමින් එහි දෙවැන්න ආරම්භ කෙරෙන බව නිවේදනය කෙරුණා. පළමු චිත්‍රපටයේ රංගනයෙන් දායක වූයේ, රිතේෂ් දේශ්මුක්, වරුන් ධවාන් සමඟින් ශ්‍රද්ධා කපූර්. දෙවැන්නේදී ජෝන් ඒබ්‍රහම් සහ දීශා පතානි ප්‍රධාන චරිත නිරූපණය කිරීමට නියමිතයි. ජෝන් ඒබ්‍රහම් පණ පෙවීමට නියමිත චරිතයට ආරම්භයේදී යෝජනා වී තිබුණේ ආදිත්‍ය රෝයි කපූර්. 2021 වසරේ ජනවාරි මාසයේදී තිරගත කිරීමට නියමිත මෙම චිත්‍රපටයට ආරාධනා ලැබීම ගැන දීශා සිටින්නේ ඉතාම සතුටින්. මට ක්‍රියාදාම චිත්‍රපටවලට දායක

වෙන්න ආසයි. මට වීරයෙක් වීමට වුවමනායි ඇය පවසන්නීය.