හොලිවුඩ් ආරාධනාවක්

මාර්තු 5, 2020

දීපිකා පදුකෝන්, ප්‍රියංකා චොප්රා, ඉර්ෆාන් ඛාන් මෑතකදි හොලිවුඩ් වරම් ලද බොලිවුඩ් නළු නිළියන්. ළඟදීම මේ තරු අතරට තවත් තරුවක් එක්වන බව බොලිවුඩ් ආරංචි ගෙන එනවා. ඔහු රිතික් රෝෂන්. සිනමා දිවියේ විසිවසරක් අවසානයේ රිතික්ට හොලිවුඩ් ආරාධනාවක් ඇවිත්.

ඔහුගේ කළමනාකාරිවරිය මේ පිළිබඳ තහවුරු කරමින් පවසා සිටින්නේ ජාත්‍යන්තර වශයෙන් සිය වෘත්තියේ ඉහළට යාම රිතික්ගේ අරමුණ බවයි.

රිතික් රංගනයට පිවිසියේ 2000 වසරේදී ඔහුගේ පියා රාකේෂ් රෝෂන් අධ්‍යක්ෂණය කළ Kaho Naa... Pyaar Hai චිත්‍රපටයෙනි. එම රංගනය වෙනුවෙන් හොඳම නළුවා මෙන්ම හොඳම නැඟි එන නළුවාට හිමි ෆිල්ම්ෆෙයාර් සම්මාන ද්විත්වයම දිනා ගැනීමට ඔහු සමත් විය. පසුගිය වසරේ ඔහු රංගනයෙන් දායක වූ ඉභනඥප 30 ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක් විය.