රෝමියෝ ජුලියට් සෙවීම

මාර්තු 5, 2020

රොමියෝ ජුලියට් කිව්වම කවුද නොදන්නෙ. විලියම් ෂේක්ස්පියර් නමැති ලෝක පූජිත සාහිත්‍යධරයා මැවූ ඒ සුපෙම්වත් යුවළ සැබෑ ආදරයේ සංකේතයක් බඳුය. රෝමියෝ ජුලියට් ඇසුරෙන් බිහිවූ නිර්මාණ රාශියකි. මේ කතාව රැගෙන තැනෙන මෙරට නවතම නිර්මාණය වේදිකා නාට්‍යයකි. ධර්මජිත් පුනර්ජීව එය නිර්මාණය කිරීම සූදානමින් සිටියි. ඩිජිටල් තාක්ෂණය, යොවුන් ආදරය වෙනමම තැනකට ගෙනගොස් ඇති බව ඔහු පවසයි. මේ හේතුව සහ ධර්මජිත්ගේ මාය ශක්ති ශිල්ප නාලිකාවට වසර තුනක් සපිරීම නිමිත්තෙන් රොමියෝ ජුලියට් වේදිකාවට ගෙන ඒමට නියමිතයි. මෙම නිර්මාණයේ ප්‍රධාන චරිතය එනම් රෝමියෝ සහ ජුලියට් නිරූපණයට නවක නළුවකුට සහ නිළියකට අවස්ථාව ලබාදීමට අධ්‍යක්ෂවරයා බලාපොරොත්තු වේ. [email protected]  යන විද්‍යුත් ලිපිනයට විස්තර එවා රෝමියෝ ජුලියට් නාට්‍යයට එකතුවිය හැකිය.

 

නිශ්ශංක විජේරත්න

Add new comment