සිවුරටම කොටුවීම

මාර්තු 5, 2020

එක චරිතයක් සාර්ථකව නිරූපණය කළොත් දිගින් දිගටම ඒ වගේම චරිත ලැබෙන එක අපේ ක්ෂේත්‍රයේ සොබාවයයි. රංගන ශිල්පී ජයතිස්ස අතුලසිරිටත් මේ තත්වයට මුහුණ දෙන්නට සිදුවුණා. එක්තරා නිර්මාණයක ඔහුට හාමුදුරු චරිතයක් ලැබුණා. ඉන් අනතුරුව ඔහුට දිගින් දිගටම ලැබුණෙ එහෙම චරිත. රණා, හතරදෙනෙක් සෙන්පතියෝ ටෙලි සිතුවම්වලත් ආලෝකෝ උදපාදි, මහරජ ගැමුණු, පායා එන්න හිරු සේ සිනමාපටවලත් ජයතිස්ස කළ හාමුදුරු චරිත බොහොම හොඳින් කැපීපෙනුණා. මේ දිනවල ඔහු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ කදිර දිව්‍යරාජ සිනමාපටයේ රඟපානවා. කොහොම නමුත් ඉදිරියෙදි විකාශයවීමට නියමිත නිර්මාණ කිහිපයකදිත් ජයතිස්ස අතුලසිරි ඔහු හමුවට එන්නෙ හාමුදුරුනමක් ලෙසටයි.

 

නිශ්ශංක විජේරත්න

Add new comment