චීන සටන් කලා ඉතිහාසය

මාර්තු 12, 2020

එස්. ඩී පීරිස්ගේ නවතම කෘතිය වන චීන වෛද්‍ය විද්‍යා පර්යේෂණ ඉතිහාසය හා බැඳුණු චීන සටන් කලා ඉතිහාසය පසුගිය දින එළිදැක්විණි. ආත්ම ආරක්ෂාව උදෙසා සටන් කලාවේ ප්‍රගමනය මෙහි අන්තර්ගත වී ඇත. මෙය සටන් කලාව හදාරන ලොකු කුඩා සියලු දෙනාට වටිනා කෘතියකි.


ජුලියස් සීසර් එල්ෆින්ස්ටන්හිදී

ඔබිනාමුණි ගාමිණී ද සිල්වා අධ්‍යක්ෂණය කරනු ලබන විලියම් ශේක්ස්පියර්ගේ ජුලියස් සීසර් නාට්‍යය මෙම මස 15 වැනිදා සවස එල්ෆින්ස්ටන් රංග ශාලවේදී වේදිකා ගත වේ. අධ්‍යක්ෂවරයා විසින් පරිවර්තනය කළ පිටපතක් යටතේ නිර්මාණය වූ මෙම නාට්‍යය රංගගත වන්නේ ජුලියස් සීසර් ඝාතනය වූ දින එනම් මාර්තු 15 වනදා වීම විශේෂත්වයකි. මහේන්ද්‍ර වීරරත්න, විජේසිරි මැණික්පුර, නිශාන්ත බඹරැන්ද, සුදත් විජේස්කර, සංඛ ගම්ලත්, විමුක්ති සහන් ලෝචන බන්නැහැක, මනිෂා මධුභාෂිනි බන්නැහැක ඇතුළු නළු නිළියන් රැසක් මෙහි චරිත මවති.

Add new comment