දොළොස් වැනි වරටත් මාලිනිය ස්ලිම් නීල්සන් අබිසෙස් ලබයි

මාර්තු 12, 2020

දහ හතර වැනි ස්ලීම් නිල්සන් සම්මාන උලෙළ ඉකුත්  සිකුරාදා අවසන් වුයේ නිළි රැජන මාලිනී ෆොන්සේකා වැඩිම ජනප්‍රසාදය දිනූ රංගන ශිල්පිනිය ලෙසට අභිෂේක කරවමිනි. මේ ඇය එම කිරුළෙන් අභිසෙස් ලැබූ  දොළොස් වැනි වතාවය. එය අනභිබවනීය වාර්තාවකි.

වැඩිම ජන ප්‍රසාදය  දිනූ නළුවාට හිමි සම්මානය මෙන්ම තාරුණ්‍යයේ නළුවා  හැටියට පිදුම් ලැබුවේ හේමාල් රණසිංහයි. චාමර වීරසිංහ සහ ශෂිකා නිසංසලා වැඩිම ජනතා ප්‍රසාදය දිනූ ගායකයා සහ ගායිකාවයි. තාරුණ්‍යයේ රූපවාහිනී නාළිකාව ලෙසට ජනතාව විසින් තෝරා පත් කොට තිබුණේ ටීවී දෙරණයි. එහි චතුර අල්විස් ජනතා ප්‍රසාදය දිනූ නිවේදකයා විය. ජනප්‍රියම ටෙලි නළුවා ලෙස රවීන් කනිෂ්ක සහ ජනප්‍රිය ටෙලි  නිළිය ලෙසට නයනතරා  වික්‍රමආරච්චි සම්මානනීය වූහ. දෙවැනි ඉනිම වැඩිම ජනතා ප්‍රසාදය දිනූ ටෙලි නාට්‍යය විය.

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 3 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.