මැක්ස් ෆොන් සිඩෝ සමුගනියි

මාර්තු 12, 2020

ලෝ පසිඳු මහා සිනමාවේදී ඉංග්මාර් බර්ග්මාන්ගේ පි‍්‍රයතම රංගනවේදියා වූ ස්වීඩන ජාතික රංගන ශිල්පි මැක්ස් ෆොන් සිඩෝ පසුගිය 08 වැනිදා ජීවතුන් අතරින් සමු ගත්තේය. යුරෝපීය සහ අමෙරිකානු චිත්‍රපට 100ට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී ඇති ඔහුගේ රංගනයන් අතර කැපී පෙනෙන්නේ ඉංග්මාර් බර්ග්මාන්ගේ The Seventh Seal (1957) චිත්‍රපටයේ රංගනයයි. The Greatest Story Ever Told (1965), The Exorcist (1984), Hannah and Her Sisters (1986) Star Wars  ඔහුගේ 70 වසරක සිනමා දිවියේ මතකයේ රැඳෙන චරිත නිරූපිත තවත් චිත්‍රපට කිහිපයකි. ඇකඩමි සම්මාන දෙකකට නාමයෝජනා ලද මැක්ස් අවසන්වරට රංගනයෙන් දායක වූයේ තවමත් නිෂ්පාදන කටයුතු නිමකර නොමැති ඡ්ජඩධඥඵ ධට බඩඥ ර්‍ථචඵබ නම් චිත්‍රපටයටයි. 1929 අප්‍රේල් 10 වැනිදා ස්වීඩනයේදී උපත ලද මැක්ස් වැන් සෙඩෝ දරුවන් සිව් දෙනෙකුගේ පියෙකි. 

Add new comment