දැකලා පුරුදු කෙනෙක් තිර නාටකය එළිදකී

මාර්තු 12, 2020

සරසවිය සම්මාන උලෙළේ අධ්‍යක්ෂවරයකුගේ මුල්ම කෘතිය වෙනුවෙන් පිරිනැමෙන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය  දිනූ මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකලා පුරුදු කෙනෙක් සිනමාපටය වෙනුවෙන් භූපති නලින් වික්‍රම විසින් ලියන ලද තිර රචනය මුද්‍රණද්වාරයෙන් එළි දැක්වීම 18 වැනිදා සවස කොළඹ විජේරාම මාවතේ පිහිටි ටවර් පදනමේ ශ්‍රවණාගාරයේදී සිදුවේ. එම කාර්යයට ප්‍රථම දැකලා පුරුදු කෙනෙක් සිනමාපටයේ විශේෂ දර්ශනයක් පැවැත්වෙනු ඇත. මෙදින ප්‍රධාන දෙසුම සම්මානනීය සිනමාකරු ප්‍රසන්න විතානගේ ගෙනි. මෙම ග්‍රන්ථය අහස ප්‍රකාශනයකි. 

Add new comment