සිසිර දිසානායකගේ ‘ආදරණීයයි නම්’

මාර්තු 12, 2020

ප්‍රවීණ ගීත රචක සිසිර දිසානායක විසින් ගී පද රචනා කර ඇති ‘ආදරණීයයි නම්’ සංයුක්ත තැටිය දැන් නිකුත් වී තිබේ. එය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කර ඇත. එහි ආචාර්ය වික්ටර් රත්නායක, විශාරද නන්දා මාලිනි, විශාරද අමරසිරි පීරිස්, සුනිල් එදිරිසිංහ විශාරද නෙලූ අධිකාරි, කීර්ති පැස්කුවල්, අසුන්තා කරුණාරත්න, නිරෝෂා විරාජිනි මෙන්ම සිසිර දිසානායකගේ දියණිය වන සරිනි දිසානායක යන අයගෙන් ගීතවත් වේ. මොහු වසර 15 ක පමණ කලක් ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර එහි සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස මෙන්ම මාධ්‍යවේදියකු ලෙස ද ග්‍රන්ථකතුවරයකු ලෙස ද කටයුතු කරයි. එමෙන්ම රන්වල බලකාය විසින් සංවිධානය කෙරුණු ජන ගී ප්‍රසංගයේ ගම අවුලඤ්ඤං ගීතය ඇතුළු ගීත රැසක් ඔහු විසින් නිර්මාණය කර ඇත. වික්ටර් ගී විමංසා ඇතුලු ග්‍රන්ථ කිහිපයක් ද සිසිර විසින් රචනා කොට තිබේ.

කාවින්ද්‍යා තත්සරණි

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.