දිවයින පුරා සිනමාශාලා වැසේ

මාර්තු 19, 2020

 

පොත් දොරට වැඩුම් - සංගීත ප්‍රසංග කල් යයි

 

 

කොරෝනා වෛරසය හේතුකොට මෙරට පවතින අයහපත් වාතාවරණයෙන් සිනමාශාලා වසා දැමීමට සංස්කෘතික අමාත්‍යාංශය තීරණය කොට තිබේ. දැනට සති දෙකක කාලයක් එය ක්‍රියාත්මක වනු ඇත. එපමණක් නොව මෙම සති දෙක ඇතුළත සංවිධානය කොට තිබූ සිනමා උලෙළ, ග්‍රන්ථ එළි දැක්වීම්, උපහාර උත්සවයන් සහ චිත්‍රපට දැක්මවල් ආදී සියලු කලා කටයුතු දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

සිනමා ශාලා වසා දමන අවස්ථාව වන විට ඇවිළෙන සුලුයි චිත්‍රපටය ප්‍රදර්ශනය අරඹා තිබිණ. සුනාමි, ඊතලය, සුපර්ණා, සේද මාවතේ ඇතුළු චිත්‍රපට යළි සිනමා ශාලා විවෘත වූ පසු ප්‍රදර්ශනය ඇරඹෙනු ඇත.

----------------------------

රයිගම් ටෙලීස් කල්යයි

 

මෙම මස 21 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ රයිගම් ටෙලීස් සම්මාන උලෙළ රටේ පවතින අයහපත් වාතාවරණය නිසා කල් දමා තිබේ.

 

ප්‍රසාද් සමරතුංග - යතේජා ඥානරත්න - නිශ්ශංක විජේරත්න

Add new comment