සාර්ථකත්වයේ රහස

මාර්තු 19, 2020

මුල අමතක නොවීම කෙනෙකුගේ සාර්ථකත්වයට ප්‍රබල හේතුවක්. ඊට උදාහරණ ඕන තරම් තියෙනවා. කලා ක්ෂේත්‍රයේ වුණත් ඒ තත්ත්වය පොදුයි. නිර්මාණකරුවන් හැටියට අද හොඳ තැනක සිටින අයවලුන් ගැන හොයා බලද්දී නිසැකවම දැනෙන කරුණක් තමයි ඔවුන්ට මුල මතක තිබෙන බව.

මේ ප්‍රවේශය ගත්තේ අපූරු කතාවක් කියන්න. එහි කතා නායකයා ගිරිරාජ් කෞශල්‍ය. අපි ආදරයට ගිරා කියන ඔහුගේ නවතම සිනමාපටය වන කතුරු මිතුරු විශේෂ දර්ශනයක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදී පැවැත්වුණා එය ආරම්භ කරන්නට මත්තෙන් ගිරා පොඩි කතාවක් පැවැත් වූවා. එහිදී ඔහු සඳහන් කළ විශේෂම කරුණ වූයේ ගිරාගේ පුවත්පත් ලිපිය පළ කරපු පත්තරය සහ එය ලියපු කෙනාව මතක් කිරීම. සරසවිය පුවත්පතේ තමයි ගිරාගේ පළමු ලිපිය පළ වෙලා තියෙන්නේ. ඒක ලියපු මාධ්‍යවේදියා තමයි දර්ශන ගුණරත්න. ගිරාට තමන්ගේ කුලුඳුල් ලිපිය ලියපු තැනැත්තාව හොඳට මතකයි. සමහරුන්ට නම් ඊයෙ පෙරේදා පළ වුණු ලිපිය ලියපු කෙනාවත් මතක නැහැ. ඇත්තටම ගිරා ඒ කළේ කෙනෙකුව සිහිපත් කිරීමක් වගේම තවත් අයවලුන්ට ආදර්ශයක්. එවන් වූ මුල මතක කියෙන අයකු නිසා තමයි ගිරා මෙච්චර දුර සාර්ථකව ඇවිත් සිටින්නේ. ප්‍රසාද් සමරතුංග

 

නිශ්ශංක විජේරත්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
6 + 10 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.