අවුරුදු නැතිව දැක්කමයි

මාර්තු 19, 2020

මහින්ද කුමාර දළුපොත කියන්නේ හොඳ පර්යේෂකයෙක්. ඔහුට අපේ සංස්කෘතිය, අපේකම ගැන තියෙන දැනුම පුදුමකාරයි. මේ හින්දම තමයි මහින්දට සිංහල අවුරුදු කාලෙට ඉල්ලුම වැඩි වෙන්නේ. නිතර දෙවේලේ ඔහු මාධ්‍ය ඔස්සේ දකින්න පුළුවන් අවුරුද්ද කිට්ටු වෙද්දි. විවිධ කලාකරුවන් එක් එක් කාල වකවානුවල මතුවෙද්දි මහින්දට අවුරුදු කාලය වෙන්ව තිබෙනවා. ඔහුව ඊයේ පෙරේදා හරි අපූරු වැඩක් සිද්ධ වෙලා. තමන්ගේ නිර්මාණ කිහිපයක් එළිදැක්වීම හේතුවෙන් මහින්දට පත්තර කන්තෝරු කිහිපයකට ගොඩ වදින්න සිදු වෙලා. මේ කියන කාල වකවානුවේ සිංහල අවුරුද්දක් පේන තෙක් මානෙක නැතිලු. මේ ගමන අතරතුරදි මහින්දට තැනැත්තෙකු හමුවෙලා. ඔහු මහින්දව හොඳට දැකලා තියෙනවලු සිංහල අවුරුදු කාලවලදී ටී. වී. එකේ.

මගේ අප්පේ මේ මහින්ද කුමාර දළුපොත මහත්තයා නේද?

මහින්ද ඔව් කියලා.

මං මේ සිංහල අවුරුද්දක් නොවන කාලෙකදි ඔබතුමාව දැක්කමයි කොච්චර දෙයක්ද.

අර තැනැත්තගෙ කතාවට මහින්දටත් හිනා ගියාලු.

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
13 + 1 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.