9: nine අලු‍ත් අය

අප්‍රේල් 2, 2020

නිලේන්ද්‍ර දේශප්‍රිය කියන්නේ තන්හා රතී රඟා සිනමාපටයේ නිර්මාණකරු.එය ඔහුගේ පළමු සිනමාපටය.  වගේම එය දෙස් විදෙස් සම්මාන රැසක් දිනාගත්තා. නිලේන්ද්‍ර රූපවාහිනී ක්ෂේත්‍රයේද වෙනසක් කළ නිර්මාණකරුවෙක්. තන්හා රතී රඟා සිනමාපටයෙන් පසුව කෙටි කලක් නිහඬව සිටි ඔහු සිය දෙවනි නිර්මාණයට මේ දිනවල ලැහැස්ති වෙනවා. මේ සංක්‍රාන්තිය නිමවූ වහාම එහි රූපගතකිරීම් ආරම්භ වීමට නියමිතයි.  9: nine ලෙසටයි ඔහු එම සිනමාපටයට නම තබා ඇත්තේ. මෙම සිනමාපටය සමඟින් නවක නළුනිළියන් කිහිපදෙනෙකු සිනමාවට හඳූන්වාදෙන්න නිලේන්ද්‍ර බලාපොරොත්තු වෙනවා.  වයස අවුරුද්දු 18-35 අතර නවකයන්වයි ඔහු හොයන්නේ.ඔබ රංගනයෙන් නමක් හදාගන්න කැමති නවකයෙක්නම් 0768525710 අංකය අමතලා වැඩි විස්තර ලබාගන්න පුළුවන්.