ජයන්ත රත්නායක අභාවප්‍රාප්ත වෙයි

අප්‍රේල් 9, 2020

විශාරද වික්ටර් රත්නායක මහතාගේ වැඩිමහල් පුතු වූ සංගීත ජයන්ත රත්නයක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 51 වන වියේ පසු විය.

------------------

ජයන්ත රත්නායක මහතාගේ අවසන් කටයුතු හෙට

ප්‍රවීණ සංගීතවේදී අභාවප්‍රාප්ත ජයන්ත රත්නායක මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (08) පෙරවරුවේ සිදුකිරීමට නියමිතයි.
 
මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජයන්ත රත්නායක මහතා අභාවප්‍රාප්ත වනවිට 51 වන වියෙහි පසුවුවිය. දෙදරු පියෙකු වූ ඔහු මෙරට ප්‍රමුඛ පෙලේ ස්වර පුවරු වාදකයකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු සහ ගායන ශිල්පියෙකු ද වේ.
 
බත්තරමුල්ල කොස්වත්ත මහින්ද පනාගොඩ මල්ශාලාවේ තැන්පත්කර ඇති ඒ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට (08) උදෑසන 11.00ට සිදුකෙරෙන්නේ තලංගම පොදු සුසාන භූමියේ දීය.